01

E   |     |  

 දිනය: 2025-11-17   පිළිතුර ලබා දී ඇත 

1256/2025: අමාත්‍යවරුන් සඳහා වූ රජයේ නිල නිවාස: වර්තමාන තත්ත්වය

1256/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පසුගිය රජය පැවති කාල සීමාව තුළදී මාදිවෙල, පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස හැර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් භාවිතා කරන ලද රජයේ නිල නිවාස සංඛ්‍යාව කොපමණද;

(ii) එම රජයේ නිල නිවාසවල වර්තමාන තත්ත්වය කවරේද;

(iii) එම රජයේ නිල නිවාස බදු පදනම මත හෝ කුලී පදනම මත වෙනත් ආයතන හෝ ව්‍යාපාර කටයුතු සඳහා ලබාදී තිබේද;

(iv) මෙම රජයේ නිල නිවාස ලබාදී ඇති වර්තමාන රජයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-17

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රජයේ නිවාස සංඛ්‍යාව 38යි.

              (ii)      එම නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා අමප/24/2134/816/008 හා 2024.12.09 දිනැති කැබිනට් පත්‍රිකාව මඟින් ලැබී ඇති අනුමැතිය ප්‍රකාරව පත් කළ කමිටුව විසින් සිය නිර්දේශයන් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඒ වාර්තාව අනුව කටයුතු කෙරෙමින් පවතී.

(iii) නැවත භාරගත් රජයේ බංගලා නිවාස 06ක් නාමික කුලියක් මත තාවකාලික පදනමින් පහත සඳහන් පරිදි වෙන් කර ඇත.

· අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව - 01

· පොලිස් දෙපාර්තමේන්තුව - 01

· අධිකරණ අමාත්‍යාංශය (විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා) - 04

(iv) මේ වන කොට රජයේ නිල නිවාස ගරු කථානායකතුමාට සහ නි‍යෝජ්‍ය අමාත්‍යවරුන් 07 දෙනෙකුට ඔවුන්ගේ වැටුපෙන් අදාළ නිවාස කුලිය අය කර ගනිමින් ලබා දී තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks