පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1235/2025
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සේවයේ නියුක්තව සිට, නිවාඩු ලබා නොගෙන විවිධ හේතු මත සේවය අතහැර ගොස් විදේශ ගතවී සිටින නිලධාරින් සංඛ්‍යාව සහ සෙසු නිල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) පසුගිය රජය අවධියේදී පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන් විදේශ ගතවී ඇති අතර විවිධ රැකියාවල නිරත වෙමින් මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන බව පිළිගන්නේද;
(iii) ඔවුන් නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්වී නොමැති බැවින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගනු ලබන බව දන්නේද;
(iv) එසේ අත්අඩංගුවට ගනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) ඔවුන්ව නීත්‍යාකූලව හමුදා සේවයෙන් ඉවත් කිරීම සඳහා ගත වන කාලය අවම කර ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-08
අසන ලද්දේ
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිවාඩු නොමැතිව නොපැමිණ සිටින යුද හමුදාවේ නිලධාරින් 385ක් සහ සෙසු නිලයන් 47,265ක් වේ. ගුවන් හමුදාවේ නිලධාරින් 46ක් සහ සෙසු නිලයන් 3,396ක් වේ. නිවාඩු නොමැතිව නොපැමිණ සිටින පුද්ගලයන් ලෙස එම ප්‍රමාණය වාර්තා වෙනවා. නාවික හමුදාව ගත්තාම නිලධාරින් 87ක් සහ සෙසු නිලයන් 3,108ක් වේ.
එම පිරිස අතරින් නිශ්චිතව හඳුනා ගත් විදේශගත ප්‍රමාණය ලෙස යුද හමුදාවේ නිලධාරින් 232ක් සහ සෙසු නිලයන් 93ක්, නාවික හමුදාවේ නිලධාරින් 64ක් සහ සෙසු නිලයන් 19ක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ගුවන් හමුදාවේ නිලධාරින් 15ක් සහ සෙසු නිලයන් 05ක් වේ. ඒ වාගේම නිවාඩු නොමැතිව නොපැමිණ සිටින පිරිස විශාල ප්‍රමාණයක් බැවින්, ඒ අතරින් විදේශගතව සිටින නිලධාරින් සහ සෙසු නිලයන් සංඛ්‍යාව හරියටම නිශ්චිතව සඳහන් කළ නොහැක.
ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තිබෙනවා.
(ii) ඔවුන්ගේ විදේශගතවීම සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යා දත්ත නොමැති බැවින් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැක.
මේ පිළිබඳවත් දීර්ඝ විස්තරයක් තිබෙනවා.
(iii) නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටීම මත විදෙස්ගතව ඇති බැවින් නැවත ලංකාවට පැමිණීමේදී හමුදා නීති රෙගුලාසිවලට අනුකූලව හමුදා බාරයට ගන්නවා.
මේ පිළිබඳවත් දීර්ඝ විස්තරයක් තිබෙනවා.
(iv) අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා නිලධාරින් යුද අධිකරණයකට පමුණුවා අස් කිරීමට කටයුතු කරනවා. යුද හමුදා සෙසු නිලධාරින් කෝප්‍රල් නිලයෙන් පහළ නම් වසරකට වැඩි කාලයක් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටීම මත හා සැරයන් නිලයේ සිට ඉහළට නම් එම කාලය මාස 6කට වැඩි වුවහොත් එම නිලධාරින් අස් කිරීම සිදු කරනු ලබනවා.
නාවික හමුදාවේ නම් ලඝු නඩු විභාග කිරීමෙන් පසුව සේවයෙන් ඉවත් කරනවා.
ගුවන් හමුදාවේ නම් සේවයේ යෙදී සිටීමට කැමැති අයවලුන් රාජ්‍ය බුද්ධි සේවය සහ විශේෂයෙන්ම පොලීසිය මඟින් ලබා දෙනු ලබන නිෂ්කාසන වාර්තා පදනම් කරගෙන නැවත සේවයේ තබාගන්නා අතර එහිදී විශේෂයෙන්ම සේවයේ යෙදීමට අකැමැත්ත ප්‍රකාශ කරන අය "සේවය තවදුරටත් අවශ්‍ය නොවේ" -“Service no longer required”- කියන වගන්තිය යටතේ අස්කරනු ලබයි.
මේ පිළිබඳවත් දීර්ඝ විස්තරයක් තිබෙනවා.
(v) ගරු මන්ත්‍රීතුමනි, ඔවුන් අතරින් බොහෝදෙනෙක් හමුදාවට බැඳෙනකොට ඇප බැඳුම්කර, බැංකු ණය හා වෙනත් ආයතන වෙතින් ලබා ගත් ණය මුදල් ගෙවීම් පැහැර හැර ඇති බැවින් ඔවුන් නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් කිරීමට අදාළ ආයතන සමඟ සම්බන්ධතාවෙන් විධිමත් ක්‍රියාවලියකට යටත්ව කාර්යක්ෂමව කටයුතු කරනු ලබනවා.
මේ පිළිබඳවත් දීර්ඝ විස්තරයක් තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks