01

E   |     |  

 දිනය: 2025-11-08   පිළිතුර ලබා දී ඇත 

1212/2025: අම්පාර, බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ සහ හැඩ ඔය හරහා පාලම් ඉදිකිරීම: වර්තමාන තත්ත්වය

1212/2025

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ හැඩ ඔය පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය පසුගිය රජය විසින් ආරම්භ කරන ලද බවත්;

(ii) මේ වනවිට එම පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල වැඩ කටයුතු අතරමග නවතා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත පාලම් දෙකේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේද;

(ii) එම පාලම් දෙක ඉදිකිරීමේ ව්‍යාපෘති විශේෂ සංවර්ධන වැඩසටහනට ඇතුළත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-08

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)    (i)         ·      මෙම පාලම් දෙක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ගයක පිහිටා ඇති අතර, 2013 වර්ෂයේදී මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සැලසුම් කර ඇස්තමේන්තු සකස් කර ඇත.

  • ඒ අනුව, මෙම පාලම් දෙක ඉදිකිරීම සඳහා 2014.12.01 දින ලංසු කැඳවා 2014.12.23 දින ලංසුපත් විවෘත කර ඇති අතර, එම පාලම ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කොන්ත්‍රාත් පිරිනමා නොමැත.

(ii) ඔව්.

  • හැඩ ඔය හරහා ආතිමුනේ පාලම අමාත්‍යාංශය යටතේ ඇති ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ 2021දී ඉදිකිරීමට යෝජනා කර තිබූ අතර, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - SD & CC - කොන්ත්‍රාත්කරු විය.
  • 2021/2022 වසරවලදී රට තුළ ආර්ථික අර්බුද පැවති වකවානුවේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - SD & CC ආයතනය - විසින් අදාළ කටයුතු නතර කර ඇත.
  • බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා යෝජිත පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පියවර ගෙන නොමැත.

ගරු කථානායකතුමනි, එම පාර මාර්ග සංවර්ධන අධිකාරියට අයිති පාරක් නොවෙයි.

(ආ) (i) ඔව්.

හැඩ ඔය හරහා ආතිමුනේ පාලම නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

(ii) · හැඩ ඔය හරහා ආතිමුනේ පාලම නැවත මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සැලසුම් කිරීම හා ටෙන්ඩර් කිරීමට තීරණය කර ඇත.

  • මෙය 2026 වර්ෂය මුලදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
  • එහෙත් බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා වන පාලම ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරියෙහි ඉදිරි සැලසුම්වලට ඇතුළත්ව නොමැත.

(ඇ) බ්‍රයන්තුරේ කණ්ඩම් ගඟ හරහා යෝජිත පාලම ඉදිකිරී‍මේ ව්‍යාපෘතිය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැත.

 

පිළිතුරු දුන් දිනය

2025-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks