පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1211/2025
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ ඇති මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) 2024 සහ 2025 වර්ෂවල යල කන්නයේ අම්පාර දිස්ත්‍රික්කයේ මුළු වී අස්වැන්න සහ එම අස්වැන්නෙන් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් එක් ගබඩාවේ ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඉහත (iii)හි සඳහන් වී ගබඩා අතරින් වී වියළන යන්ත්‍ර සවිකර ඇති ගබඩා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-22
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 98,531.3769
(ii)
|
කන්නය |
අම්පාර දිස්ත්‍රික්කයේ මුළු වී අස්වැන්න (මෙ.ටො) |
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී ප්‍රමාණයන් (මෙ.ටො.) |
|
2024 යල |
232,709 |
119.6 |
|
2025 යල |
265,774 |
23,660 |
අම්පාර දිස්ත්‍රික්කයේ 2024 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 232,709ක අස්වැන්නක් තිබුණා. 2025 යල කන්නයේ මෙට්‍රික් ටොන් 265,774ක අස්වැන්නක් තිබුණා. ඒ අනුව, 2024 යල කන්නයට සාපේක්ෂව 2025 යල කන්නයේ මෙට්‍රික් ටොන් 33,000ක වැඩිවීමක් තිබෙනවා.
මිලදී ගෙන ඇති වී ප්‍රමාණය ගත්තොත්, 2024 යල කන්නයේ වී කිලෝග්‍රෑම් 119,600ක් තමයි රජයේ ගබඩාවලට අම්පාර ගොවි ජනතාව විසින් ලබා දී තිබෙන්නේ. 2025 යල කන්නයේ වී කිලෝග්‍රෑම් 23,660,000ක ප්‍රමාණයක් අම්පාරේ ගබඩාවලට ගොවි ජනතාව විසින් ලබා දීලා තිබෙනවා.
(iii) ගබඩා 28යි.
(iv)
|
ගබඩා ගණන |
ගබඩා |
පිහිටීම |
|
|
|
|
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
|
1 |
අඩ්ඩාලච්චේන |
මීනෝඩුකට්ටු |
අඩ්ඩාලච්චේන |
|
2 |
නෙල්ලිකැලේ |
වීරපිටිය |
දමන |
|
3 |
තම්බට්ටේ |
තම්බට්ටේ 01 |
තිරුක්කෝවිල් |
|
4 |
පොතුවිල් 1 |
ඒත්තම |
පොතුවිල් |
|
5 |
පොතුවිල් 2 |
|
|
|
6 |
මහඔය 1 |
සමගිපුර 69 |
මහඔය |
|
7 |
මහඔය 2 |
|
|
|
8 |
අම්පාර 1 |
තිස්සපුර |
අම්පාර |
|
9 |
අම්පාර 2 |
|
|
|
10 |
කෝමාරිය 1 |
තිස්සපුර බටහිර |
උහන |
|
11 |
කෝමාරිය 2 |
|
|
|
12 |
සමන්තුරේ 01 |
මලයාඩිගම 02 |
සමන්තුරේ |
|
13 |
සමන්තුරේ 02 |
|
|
|
14 |
ගොනාගොල්ල |
මයාදුන්න |
උහන |
|
15 |
නින්දවූර් 1 |
නින්දවූර් 22 |
නින්දවූර් |
|
16 |
නින්දවූර් 2 |
|
|
|
17 |
අක්කරපත්තුව 1 |
සින්නමුගතුවාරම් |
අලයාඩිවේම්බු |
|
18 |
පාලම්කඳවුර 1 |
පාලම්කඳවුර |
උහන |
|
19 |
පාලම්කඳවුර 2 |
|
|
|
20 |
කොහොඹාන 1 |
වෑරන්කැටගොඩ |
|
|
21 |
කොහොඹාන 2 |
|
|
|
22 |
වීරගොඩ 01 |
වීරගොඩ |
|
|
23 |
වීරගොඩ 02 |
|
|
|
24 |
කුමාරිගම |
තිස්සපුර බටහිර |
|
|
25 |
ඉඟිණියාගල |
ඉඟිණියාගල |
මඩුල්ල |
|
26 |
දමන 1 |
පැරනිගම |
අම්පාර |
|
27 |
දමන 2 |
|
|
|
28 |
අක්කරපත්තුව 2 (අබලන්) |
පල්ලිකුදියුරුප්පු |
අක්කරපත්තුව |
(v) ගබඩාවල වී වියළන යන්ත්‍ර සවි කර නැත.
(ආ) ගරු මන්ත්‍රීතුමනි, අපි වී ගබඩා භාර ගන්නකොට එම ගබඩා වහලා තිබුණේ. වී මිලදී ගැනීම් නතර කරලා තිබුණේ. එම ගබඩා අලි කඩලා, වවුලන් සහ පරවියෝ ලැගලා තිබුණේ. ගොයම් කැපුවාට පසුව තමයි ගොවියාට අස්වැන්න එන්නේ. ඒ අස්වැන්න තමයි රජයේ ගබඩාවලට හෝ අනෙකුත් තැන්වලට වී විධියට ගොවි ජනතාව ගෙනැවිත් දෙන්නේ. ගොයම් කැපුවාට පසුව ඒ කුඹුරු අපි හඳුන්වන්නේ ඉපනැල්ල කියලා; වෙල් ඉපනැල්ල. ඒ වෙල් ඉපනැල්ලට අම්බරුවෝ එනවා. අම්බරුවෝ ඇවිල්ලා ඉපනැල්ල උළා කනවා; පොළොව පෑදෙන කල්ම උළා කනවා. අන්න ඒ අම්බරුවෝ වෙල් ඉපනැල්ල උළා කනවා වාගේ, ඒ වී ගබඩා උළා කාලා තිබුණේ. වී මෝල්වල තිබුණු යන්ත්‍ර ටික යකඩවලට කපාගෙන ගිහින් තිබුණේ. බිම් තරාදි යකඩවලට ගලවාගෙන ගිහින් තිබුණේ. අපි ඒවා ප්‍රතිසංස්කරණය කරමින් මේ වනකොට සියලු කටයුතු යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. ඉදිරියේදී අපි වී වියළන යන්ත්‍රත් හැකිතාක් ප්‍රමාණයක් සවි කිරීම සඳහා මේ වනකොට සැලසුම් කරගෙන යනවා.
පිළිතුරු දුන් දිනය
2025-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks