පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1182/2025
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු පළාතේ ඇති රාජ්‍ය අංශයේ බැංකු සහ පෞද්ගලික අංශයේ බැංකු, රක්ෂණ, ක්ෂුද්‍ර මූල්‍ය සහ වෙනත් මූල්‍ය ආයතන සංඛ්‍යාව සහ ඒවායේ නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ණය ලබා දීමේදී, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අය කරනු ලබන පොලී අනුපාතය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අමානුෂික ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් සිය දිවි හානි කර ගෙන ඇති බව දන්නේද;
(ii) එසේ නම්, සිය දිවි හානි කර ගත් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන්ගේ මරණවලට වගකිව යුත්තේ කවුරුන්ද;
(iv) ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් සිදු කරනු ලබන අමානුෂික ක්‍රියා නැවැත්වීම සඳහා ඉදිරියේදී එම ආයතනවල ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-11
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උතුරු පළාතේ එක් එක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන ගණන පහත පරිදි සාරාංශගත කළ හැක. එම මූල්‍ය ආයතනයන්හි නම් ඇමුණුම 01හි සඳහන් වේ.
|
දිස්ත්‍රික්කය |
රාජ්‍ය බැංකු ගණන |
පෞද්ගලික බැංකු ගණන* |
මුදල් සමාගම් ගණන |
බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ගණන |
|
යාපනය |
7 |
13 |
22 |
3 |
|
කිලිනොච්චි |
5 |
6 |
15 |
3 |
|
මන්නාරම |
6 |
5 |
10 |
1 |
|
වවුනියාව |
7 |
10 |
21 |
3 |
|
මුලතිව් |
3 |
4 |
10 |
3 |
* දේශීය පෞද්ගලික බැංකු සහ විදේශීය බැංකු ශාඛාවන් ඇතුළත් වේ.
(ii) රාජ්‍ය හා පෞද්ගලික බැංකු විසින් ණය ලබාදීමේදී අය කරනු ලබන පොලී අනුපාතයන් පිළිබඳ දත්ත මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නොපවතී.
2025 සැප්තැම්බර් මාසය තුළ, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 22.69% සිට 39.40% දක්වා පරාසයක වන වාර්ෂික සඵල පොලී අනුපාතික යටතේ ණය ලබාදී ඇත.
(ආ) (ii) ඒ පිළිබඳ වාර්තා වී නොමැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(iv) 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 61 වන වගන්තිය සමඟ කියවිය යුතු 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත, 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත සහ 2016 අංක 06 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත යන පනත්හි ප්‍රතිපාදන යටතේ මූල්‍ය සමාගම්, විශේෂිත කල්බදු සමාගම් සහ බලපත්‍රලාභි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීමේ කාර්යභාරය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇත. ඊට අමතරව, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් (ප්‍රාථමික අළෙවිකරුවන්) පිළිබඳ වන 2009 අංක 01 දරන සංශෝධිත රෙගුලාසි සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප්‍රාථමික අලෙවිකරුවන්) පිළිබඳ වන 2009 අංක 01 දරන සංශෝධිත රෙගුලාසි යටතේ ප්‍රාථමික අලෙවිකරුවන් අධීක්ෂණය කරනු ලබයි.
එසේම ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත සකස් කරමින් පවතින අතර, ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන පිළිබඳව අධීක්ෂණය කිරීමේ කටයුතු විධිමත්ව සිදු කිරීමට අපේක්ෂා කරයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks