01

E   |     |  

 දිනය: 2025-10-23   පිළිතුර ලබා දී ඇත 

1181/2025: උතුර සහ නැඟෙනහිරට දුම්රිය සේවා: 2012-2019 දක්වා ආදායම

1181/2025

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උතුරු සහ නැගෙනහිර පළාත්වලින් විශාල ආර්ථික දායකත්වයක් ලැබෙන බව දන්නේද;

          (ii)      වර්ෂ 2012 සිට 2019 දක්වා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම සහ උතුරු හා නැගෙනහිර යන එක් එක් පළාතේ ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  උතුරු පළාතේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් හා සේවකයන් සංඛ්‍යාව සිංහල හා ද්‍රවිඩ භාෂා මාධ්‍යයන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  යන්න එතුමා සඳහන් කරන්නෙහිද? 

(ආ)  (i)    උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති මුළු දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;

  (ii)  එම සංඛ්‍යාව, ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  වවුනියාවේ සිට කන්කසන්තුරෙයි දක්වා සහ මැදවච්චියේ සිට තලෛයිමන්නාරම දක්වා ඇති ප්‍රධාන දුම්රිය ස්ථාන සහ  උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  පළමුවන පන්තියේ නිදන මැදිරි පහසුකම් සහිත ගමනාන්ත කවරේද;

  (v)  යාපනය දුම්රිය සඳහා මේ දක්වා පළමුවන පන්තියේ නිදන මැදිරි පහසුකම් ලබා නොදීමට හේතු කවරේද; 

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. 2014 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා දත්ත සලකා බැලීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායමින් ආසන්න වශයෙන් සියයට 8ක පමණ අගයක් උතුරු සහ නැ‍‍ඟෙනහිර පළාත්වලින් ලැබී ඇති බව නිරීක්ෂණය වේ.

              (ii)      2012 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 4,851.87යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 90.33යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 132.28යි.

2013 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 5,423.29යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 94.93යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 149.16යි.

2014 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 5,909.31යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 198.53යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 170.87යි.

2015 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 6,334.60යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 336.66යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 169.09යි.

2016 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 6,623.37යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 360.03යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 160.34යි.

2017 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 6,477.11යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 380.60යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 165.79යි.

2018 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 7,412.51යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 401.17යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 166.43යි.

2019 වර්ෂයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම රුපියල් මිලියන 7,901.32යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් ආදායම රුපියල් මිලියන 465.45යි, දුම්රිය දෙපාර්තමේන්තුවේ නැ‍ඟෙනහිර පළාත් ආදායම රුපියල් මිලියන 162.07යි.

(iii) දුම්රිය ස්ථානාධිපතිවරුන්:

සිංහල භාෂා මාධ්‍යයෙන් 14යි.

ද්‍රවිඩ භාෂා මාධ්‍යයෙන් 68යි.

අනෙකුත් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය:

සිංහල භාෂා මාධ්‍යයෙන් 52යි.

ද්‍රවිඩ භාෂා මාධ්‍යයෙන් 64යි.

(ආ) (i) උතුරු පළාතේ දුම්රිය ස්ථාන සංඛ්‍යාව 41යි

නැ‍ඟෙනහිර පළාතේ දුම්රිය ස්ථාන සංඛ්‍යාව 14යි

ඒ අනුව උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ඇති මුළු දුම්රිය ස්ථාන සංඛ්‍යාව 55යි.

(ii) උතුරු පළාත: ප්‍රධාන දුම්රිය ස්ථාන 23යි.

උප දුම්රිය ස්ථාන 18යි.

නැ‍ඟෙනහිර පළාත: ප්‍රධාන දුම්රිය ස්ථාන 08යි.

උප දුම්රිය ස්ථාන 06යි.

(iii) වවුනියාවේ සිට කන්කසන්තුරෙයි දක්වා:  

ප්‍රධාන දුම්රිය ස්ථාන 16යි

උප දුම්රිය ස්ථාන 13යි

    මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා:       ප්‍රධාන දුම්රිය ස්ථාන 07යි           උප දුම්රිය ස්ථාන 04යි

(iv) නිදන මැදිරි සහිත දුම්රියන් මේ වන විට කිසිදු ගමනාන්තයක් වෙත ධාවනය නොවේ.

(v) කොළඹ සිට යාපනය දක්වා මේ වන විට ධාවනය වන්නේ නව දුම්රිය මැදිරි වන අතර, පැවති නිදන මැදිරි ඉතා පැරණි බැවින් ධාවනයෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට වායු සමනය කර ඇති මැදිරි යාපනය රාත්‍රී දුම්රිය සඳහා යොදවා ඇත.

පැවති පැරණි පළමු පන්තියේ නිදන මැදිරියක ගමන් කළ හැක්කේ මගීන් 12දෙනෙකුට පමණක් වුවද, නව පළමු පන්තියේ වායු සමනය කරන ලද මැදිරියක මගීන් 48ක් පමණ ගමන් කිරීමේ පහසුකම් ඇත.

එ් නිසා වැඩි මගීන් පිරිසකගේ අවශ්‍යතා සපුරා ඇති අතර, අලුතින් ආනයනය කරන ලද මැදිරි කට්ටලවල නිදන මැදිරි ආනයනය කිරීම සිදු කර නැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks