පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1180/2025
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්චි නගර මධ්‍යයේ සතොස වෙළඳසැල පිහිටුවා ඇති ගොඩනැගිල්ල නිසි අනුමතියකින් තොරව ඉදිකර ඇති බව දන්නේද;
(ii) ඉදිකිරීම් සඳහා අදාළ අනුමතිය කරෙයිච්චි ප්‍රාදේශීය සභාවෙන් නිසි පරිදි ලබා ගෙන තිබේද;
(iii) එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජයේ මුදල් වැය කර තිබේ නම්, ඒ සඳහා මිල ගණන් කැඳවන ලද විස්තර කවරේද;
(iv) ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියනවලින් කොපමණද;
(v) ඉහත ගොඩනැගිල්ලේ වර්තමාන හිමිකරු කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ගොඩනැගිල්ල පිහිටුවා ඇති භූමියේ හිමිකාරිත්වය සතු ආයතනය කවරේද;
(ii) එම ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත යම් පාර්ශ්වයකට ලබාදී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-08
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අදාළ සියලු අනුමැතීන් සහිතව ගොඩනැඟිල්ල ඉදි කර ඇත.
[ඇමුණුම I (a)]** - සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් 2013.06.18 දිනැතිව නිකුත් කර ඇති ලංකා සතොස සමාගම වෙත ඉඩම පැවරීමේ ලිපියේ පිටපතක්
[ඇමුණුම I (b)]** - ඉඩම් පාලන දෙපාර්තමේන්තුව - උතුරු පළාත විසින් 2013.06.12 දිනැතිව නිකුත් කර ඇති සමුපකාර හා අභ්‍යභන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත ඉඩම පැවරීමේ ලිපියේ පිටපතක්.
[ඇමුණුම I (c)]** - ඉඩම් කොමසාරිස් ජෙනරාල් විසින් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත ඉඩම නිදහස් කිරීමට අදාළව කරච්චි ප්‍රාදේශීය ලේකම් වෙත 2014.08.11 දිනැතිව නිකුත් කර ඇති ලිපියේ පිටපතක්.
[ඇමුණුම I (d)]** - නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2014.05.07 දිනැතිව නිකුත් කර ඇති ගොඩනැඟිලි සංවර්ධන බලපත්‍රයෙහි පිටපතක්,
(ii) එම ගොඩනැඟිල්ල එනම්, ලංකා සතොස සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදි කිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාවේ නිසි අනුමැතිය ලබාගෙන තිබේ.
[ඇමුණුම II (a)]**- කිලිනොච්චිය දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය විසින් පිටපත් සහිතව සහකාර දිස්ත්‍රික් ලේකම් -Assit. Govt Agent- කරච්චි අරෙයිනගර් කිලිනොච්චිය තුළ ලංකා සතොස ආයතනයක් ඉදි කිරීමට 2012.03.26 දිනැතිව නිකුත් කර ඇති ලිපියේ පිටපතක්.
[ඇමුණුම II (b)]** - කරච්චි ප්‍රාදේශීය ලේකම් විසින් ලංකා සතොස සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් ඉඩමට අදාළ අයිතිය නීත්‍යනුකූල වශයෙන් එවකට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත පවරන ලද පැවරුම් සහතිකයේ පිටපතක්,
(iii) ලංකා සතොස සුපිරි වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා ලංකා සතොස ආයතනයේ මුදල් වැය කර ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සටහනෙහි;
[ඇමුණුම III (a)]**
[ඇමුණුම III (b)]**
[ඇමුණුම III (c)]**
[ඇමුණුම III (d)]**
(iv) ලංකා සතොස මූල්‍ය ආයතනය තුළ දැනට පවතින මූල්‍ය දත්ත හා ලේඛනවලට අනුව මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා රු. මිලියන 272.72 - රු. 272,721,536.71- මුදලක් වැය කර ඇත.
[ඇමුණුම III (d)]**
තවද, ඉදිකිරීම් සඳහා උප කොන්ත්‍රාත්කරු වෙත රු. මිලියන 49,634,237.50ක මුදලක් ලංකා සතොස සමාගම විසින් උපයනු ලබන ආදායම මඟින් පියවීමට අනුමැතිය ලබා දී ඇත.
[ඇමුණුම III (c)]**
(v) දැනට ලංකා සතොස ආයතනයේ මූල්‍ය අංශය සතුව පවතින දත්ත හා ලේඛනවලට අනුව ඉහත ගොඩනැඟිල්ල ඉදිකිරීමට රු. මිලියන 272.72 ලංකා සතොස ආයතනය විසින් වියදම් කර ඇත.
[ඇමුණුම III (d)]**
[ඇමුණුම IV (a)]**
(ආ) (i) ගොඩනැඟිල්ල පිහිටා ඇති ලොට් අංකය 577 වන අතර, එහි අයිතිය කරච්චි ප්‍රාදේශීය ලේකම් විසින් ලංකා සතොස සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම සඳහ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට ලබා දී ඇත.
[ඇමුණුම II (b)]**
[ඇමුණුම V]**
(ii) ඔව්. ලංකා සතොස ආයතනය විසින් ඒ 9 කම්ප්ලේක්ස් සමාගමට 2024.01.10වන දින සිට අවුරුදු 10කට බදු දී ඇත.
(ඇ) අදාළ නොවේ.
අතිරේක කරුණු
මෙම ප්‍රශ්නයම 2020 වසරේ ද සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් එවකට සිටි වෙළඳ අමාත්‍යවරයාගෙන් අසා ඇති අතර එම ප්‍රශ්නය සහ පිළිතුර [ඇමුණුම VI]* ලෙස මේ සමඟ අමුණා ඇත.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks