01

E   |     |  

 දිනය: 2025-10-08   පිළිතුර ලබා දී ඇත 

1180/2025: Construction of Sathosa building in Kilinochchi town

1180/2025

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      කිළිනොච්චි නගර මධ්‍යයේ සතොස වෙළඳසැල පිහිටුවා ඇති ගොඩනැගිල්ල නිසි අනුමතියකින් තොරව ඉදිකර ඇති බව දන්නේද;

              (ii)   ඉදිකිරීම් සඳහා අදාළ අනුමතිය කරෙයිච්චි ප්‍රාදේශීය සභාවෙන් නිසි පරිදි ලබා ගෙන තිබේද;

  (iii)  එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජයේ මුදල් වැය කර තිබේ නම්, ඒ සඳහා මිල ගණන් කැඳවන ලද විස්තර කවරේද;

  (iv)  ඉදිකිරීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියනවලින් කොපමණද;

  (v)  ඉහත ගොඩනැගිල්ලේ වර්තමාන හිමිකරු කවුරුන්ද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ආ)  (i)  ඉහත ගොඩනැගිල්ල පිහිටුවා ඇති භූමියේ හිමිකාරිත්වය සතු ආයතනය කවරේද;

  (ii)  එම ඉඩම දීර්ඝ කාලීන බදු පදනම මත යම් පාර්ශ්වයකට ලබාදී තිබේද;

    යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ)  නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-08

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks