පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1160/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කටුපොල් වගාව හා කටුපොල් බීජ ආනයනය කිරීම මේ වනවිට නීතියෙන් තහනම් කර තිබේද;
(ii) ශ්‍රී ලංකාවට කටුපොල් තෙල් ආනයනය කිරීම සඳහා වර්ෂයකට වැය කරනු ලබන මුදල කොපමණද;
(iii) කටුපොල් වගාව නැවත ආරම්භ කිරීම සඳහා පවතින බාධා කවරේද;
(iv) කටුපොල් වගාව සහ පාම් තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-22
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව අංක 2222/13 සහ 2021.04.05 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් තහනම් කර ඇත. ඒ අනුව බීජ ආනයනය සඳහා ද කිසිදු වගාකරුවෙකු විසින් ඉල්ලීම් යොමු කර නොමැත.
(ii) අංක 2312/77 සහ 2023.01.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ශුද්ධ නොකළ පාම් තෙල් සහ ලීටර් 210 හෝ ඊට අඩු ප්‍රමාණයන්ගෙන් අසුරා ආනයනය කරනු ලබන පාම් තෙල් ආනයනය තහනම් කර ඇත. කෙසේ වුවද කාමර උෂ්ණත්වයේ ඇති පාම් තෙල් අනුක්‍රමික කොටස් (පාම් ස්ටියරින්), ශුද්ධ නොකළ පාම් ඔලේන් සඳහා ආනයන බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දී ඇත.
ඒ අනුව, පොල් සංවර්ධන අධිකාරියේ Monthly Bulletin - (December 2024) හි ප්‍රකාශිත පරිදි ශ්‍රී ලංකාව පාම් ඔලේන් - palm olein, ශුද්ධ නොකළ පාම් ඔලේන් - crude palm olein, පාම් කර්නල් - palm kernel, පාම් ස්ටියරින් - palm stearin - වැනි විවිධාකාර පාම් තෙල් ආනයනය සඳහා 2023 වසරේදී රුපියල් මිලියන 8,067.31ක් ද, 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 11,079.66ක් ද වැය කර ඇත.
(iii) කටුපොල් වගාව තහනම් කර ප්‍රසිද්ධ කරන ලද අංක 2222/13 සහ 2021.04.05 දිනැති අතිවිශේෂ ගැසට් නියෝගය අහෝසි කිරීමට මෙතෙක් පියවර නොගැනීම මෙහි ප්‍රධාන බාධාව වේ.
(iv) ප්‍රාදේශීය වැවිලි සමාගම් කළමනාකරණය කරන ඉඩම්වල සීමාසහිතව කටුපොල් වගාව සඳහා අවසර ලබා දීමට පූර්වගාමී අමාත්‍ය මණ්ඩලය විසින් අංක අමප/24/1947/601/084-1 සහ 2024.09.13 දිනැතිව ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය නැවත සලකා බලන ලෙස 2024.09.30 දිනැති අමාත්‍ය මණ්ඩලය විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, කමිටුවක් පත් කිරීමට ලබා දී තිබූ උපදෙස් පරිදි පත් කළ කමිටුව විසින් සකස් කළ නව වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිතව ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks