පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1115/2025
ගරු රොෂාන් අක්මීමන මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා,—
(අ) (i) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාදී ඇති දිනය කවරේද;
(iii) ඊට අදාළ නීතිමය ප්‍රතිපාදනය කවරේද;
(iv) එම ඉඩම් භාවිතා කළ හැකි අරමුණු කවරේද;
(v) පසුගිය කාලයේදී එම අරමුණුවලින් පරිබාහිර වෙනත් අරමුණු සඳහා ඉහත ඉඩම් බැහැර කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-23
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) a) 1979 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවා ඇත්තේ 1970 ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරි පනත මඟිනි. ඒ අනුව එකී පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක වීම මඟින් වරාය අධිකාරිය වෙත හිමිව ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 12ක් පමණ වේ.
b) එකී වරායවල් පිළිබඳ අධිකාරි පනතේ ප්‍රතිපාදනයන් මත පළ කරන ලද අංක 314/10 දරන ගැසට් පත්‍රය මඟින් වරාය අධිකාරිය වෙත අත්පත් කරගෙන සතු වී ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 2063.0875කි.
(ii) a) 1979 අගෝස්තු 01.
b) 314/10 ගැසට් පත්‍රයේ දිනය - 1984.09.12
(iii) a) නීතිය ක්‍රියාත්මක වීම මඟින්.
b) වරායවල් පිළිබඳ අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පළ කරන ලද ගැසට් පත්‍රය මඟින්.
(iv) වරායවල් පිළිබඳ අධිකාරි පනතේ 6වන වගන්තිය මඟින් දක්වා තිබෙන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා.
(v) මෙම ඉඩම් රජයේ ඉඩම් යැයි සලකා වරායේ අරමුණු නොවන වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යයන් සඳහා බැහැර කිරීමට කැබිනට් අනුමැතීන් රාශියක් ලබාගෙන ඇතත් -වරාය අධිකාරියේ එකඟාවකින් තොරව- එසේ බැහැර කිරීමක් සිදු කර නොමැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks