01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1090/2025: මාතර, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ල: ප්‍රතිසංස්කරණය

1090/2025

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      මාතර, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ, පන්ති කාමර 17ක් හා වෙනත් වැදගත් කාර්යාල පවත්වා ගෙන යන ලද තෙමහල් ගොඩනැගිල්ලේ පහළ මාලයේ පැවති පන්ති කාමර දෙකකට හානි වනසේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම ගොඩනැගිල්ල භාවිතයෙන් ඉවත් කර ඇති බවත්;

  (ii)    ඒ හේතුවෙන් එම පාසලේ අධ්‍යාපන කටයුතු අඩාලවී ඇති බවත්;

    එතුමිය දන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය කාලය තුළ පියවර ගෙන තිබුණේද;

  (ii)  එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

  (iii)  ඊට අදාළ භුමිය සංරක්ෂණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      එසේ වුවද, යම් බාධාකාරී තත්ත්වයන් මැද වුවද මේ වන විට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතියි.

(ආ)         (i)      ඔව්.

              (ii)      එම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණයට පෙර තවදුරටත් නාය යෑමේ අවදානම ඉවත් කර ගැනීම සඳහා සිදු කළ යුතු නිර්මිත ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය - NBRO - සම්බන්ධ කරගෙන ඉටු කරවා ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතියි. එම කටයුතු නිම වූ පසුව 2026 වර්ෂය තුළ ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කර දීමට සැලසුම් කර ඇත.

(iii) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය - NBRO එක - මඟින් අදාළ නිර්මිත  ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් පවතින අතර, මේ  වනවිට මිල ගණන් කැඳවා තාක්ෂණික ඇගයීම් කටයුතු සිදුවෙමින් පවතියි. 2025 වසරේ ඔක්තෝබර් මාසය තුළ එම කොන්ත්‍රාත්තුව පැවරීමට කටයුතු කර මාස හයක්  ඇතුළත එම කාර්යය නිම කිරීමට නියමිතව ඇත. 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks