පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1085/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු දුම්රිය මාර්ගයේ වවුනියාවේ සිට කිළිනොච්චිය දක්වාවූ කොටසේ ඇති දුම්රිය හරස් මාර්ග භාවිතා කළ නොහැකි පරිදි බරපතල ලෙස අබලන්වී ඇති බවත්;
(ii) විශේෂයෙන්ම වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ ඇති දුම්රිය හරස් මාර්ග දැඩි ලෙස අබලන්වී ඇති බවත්;
(iii) බොහෝ දුම්රිය හරස් මාර්ග අනාරක්ෂිත වන අතර ඒ හරහා ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අමාත්‍යාංශයේ වගකීම බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබා දෙන විසඳුම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අබලන් තත්ත්වයට පත්ව ඇත්තේ අනවසරයෙන් ඉදිකර ඇති හරස් මාර්ග වන අතර, එම දුම්රිය හරස් මාර්ග සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට හඳුනාගෙන ඇත.
ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග භාවිතය සඳහා සුදුසු තත්ත්වයේ පවතී.
(ii) වවුනියාවේ සිට පුලියන්කුලම දක්වා ඇති හරස් මාර්ග 14න් 12ක් අනවසරයෙන් ඉදිකර ඇත. දුම්රිය හරස් මාර්ග 2ක් පමණක් ශ්‍රී ලංකා පොලීසිය මඟින් පාලනය කරනු ලබයි.
වවුනියාව හා පුලියන්කුලම අතර ඇති අනවසර දුම්රිය හරස් මාර්ග ඉවත් කළ යුතුව ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කිරීම සිදු කරනු නොලැබේ. තවද, එම අනවසර දුම්රිය හරස් මාර්ග ප්‍රදේශවාසීන් විසින් ගල්, බොරලු දමා සකසාගෙන ඇති බව නිරීක්ෂණය වේ.
(iii) අනවසර දුම්රිය හරස් මාර්ග සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවට වගකීමක් දැරිය නොහැක.
(ආ) මහව - ඕමන්ත දුම්රිය ව්‍යාපෘතිය මඟින් දුම්රිය මාර්ග පුනරුත්ථාපනය කිරීමත් සමඟ දුම්රිය පැයට කිලෝමීටර සියයක - 100 Km/h - පමණ වේගයකින් ධාවනය වන අතර, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිහිටා තිබීම හේතුවෙන් අදාළ වේගය පවත්වා ගැනීමට නොහැකි බැවින් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඉවත් කළ යුතුව ඇත.
නමුත්, ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය වන බැවින් දුම්රිය මාර්ග රක්ෂිතයේ සිට ආසන්නතම ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගය දක්වා සමාන්තර මාර්ග ලබා දීම සඳහා අධ්‍යයනය කර සුදුසු පරිදි ක්‍රියා කළ හැක. ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කරන්නේ නම්, බදුකරයකට හා කොන්දේසිවලට යටත්ව දුම්රිය රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග ලබා දීමේ හැකියාවක් පවතී.
තවද, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිහිටි ස්ථාන සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය හෝ විවිධ පළාත් පාලන ආයතන හා එක්ව ගුවන් පාලම් ඉදිකිරීම වැනි විකල්ප ක්‍රම ක්‍රියාත්මක කිරීමද යෝග්‍ය වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks