පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1083/2025
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වන්නි ප්‍රදේශයේ සිදු කරනු ලබන ගල් කැඩීමේ සහ පස් කැපීමේ කටයුතු සඳහා පළාත් සභා පරිපාලනයට අයත් කිසිදු ආයතනයකින් අවසර නොගෙන ඍජුවම මධ්‍යම රජයේ ආයතනවලින් අනුමතිය ලබා ගන්නා බවත්;
(ii) එම ක්‍රියාවලියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන සම්බන්ධ වන බවත්;
(iii) කැනීම් කරන ඛනිජ සම්පත් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා මාර්ග පළාත් පාලන ආයතනවල පරිපාලනයට අයත් වන අවස්ථාවලදී පමණක් අදාළ පළාත් පාලන ආයතනයේ අනුමතිය ලබා ගන්නා බවත්;
(iv) ඒ අනුව, උතුරු පළාතේ සම්පත් පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල අනුමතියකින් තොරව පිට පළාත්වලට ගෙන යන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල අනුමතියකින් තොරව උතුරු පළාතේ සම්පත් පිට පළාත්වලට ගෙන යාමට ඉඩ දෙන්නේද;
(ii) මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විකල්ප වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කළු ගල් කැඩීමේ යන්ත්‍ර - stone crushers - භාවිත කරන කම්හල් සඳහා ව්‍යාපාරික බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට පමණක් පළාත් පාලන ආයතන සම්බන්ධ වේ.
(ii) පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ විධිවිධාන අනුව අවශ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගැනීම සිදු කරයි.
(iii) කැණීම් කරන ලද ඛනිජ සම්පත් පළාත් පාලන මාර්ග ඔස්සේ ප්‍රවාහනය කිරීමේදී මාර්ග භාවිතය සඳහා පළාත් පාලන ආයතනය අවසර දෙනු ලැබේ.
(iv) පතල් සහ ඛනිජ ද්‍රව්‍ය පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කිරීමේදී දිවයිනේ ඕනෑම ස්ථානයකට ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතින බැවින් පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නොවේ.
(ආ) (i) පතල් සහ ඛනිජ ද්‍රව්‍ය පනත අනුව ඛනිජ සම්පත් ප්‍රවාහනයට පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවේ.
(ii) පැන නොනඟී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks