පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-22
අසන ලද්දේ
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ ප්‍රදේශ ආර්ථික, සාමාජයීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා වූ ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත.
(ii) ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒවා ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(iii) මාතර නගරය තුළ ඉදි කරන ලද ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය විසින් භාර දුන් කාල වකවානුව විස්තර සහිතව ඇමුණුම 02හි දක්වා ඇත.
(iv) මාතර තුරුණු උයන ව්‍යාපෘතිය කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නොවෙයි.
මාතර නිල්වලා ගඟබඩ උද්‍යාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී එහි අරමුණ වුණේ, මාතර නගරයේ ජීවත් වන ජනතාව වාගේම එම නගරයට විවිධ කටයුතු සඳහා දෛනිකව එන ජනතාව සඳහා විවේකය හා විනෝදය පිණිස පහසුකම් සැපයීම සහ මාතර නගරය සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඇති කිරීමයි.
ඒ කාරණා සඳහායි එම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ. එම ව්‍යාපෘතිය ඉදි කර, නඩත්තු කර, පවත්වාගෙන යෑම සඳහා මාතර නගර සභාවට පැවරීමට තමයි යෝජනා වෙලා තිබුණේ.
නමුත් පසුගිය කාලවල ඒ නගර සභාව විසින් ඒ ව්‍යාපෘති භූමිය භාර ගන්න අකමැති වෙච්ච නිසා වසර 5ක කාලයක් නඩත්තු කර පවත්වාගෙන යෑම සඳහා අදාළ පරිශ්‍රය පෞද්ගලික ආයෝජකයෙකු වෙත ලබා දීමට නියමිතව තිබුණා. එහි සමහර සංවර්ධන කටයුතු ඒ ආයෝජකයා විසින් කළ යුතුව තිබුණා. නමුත්, ඒ අදාළ පරිශ්‍රය මහජනතාවට විවෘත කිරීමට සුදුසු තත්ත්වයේ ආරක්ෂාකාරීව හා ස්ථායීව පවතීද යන්න පිළිබඳව නිශ්චිත අනුකූලතා සහතික ලබා ගන්නේ නැතුව ඒ ආයෝජකයා විසින් අනාරක්ෂිතව ඒ ස්ථානය විවෘත කිරීම නිසා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනා කර බලා නාගරික සංවර්ධන අධිකාරිය විසින් එය මහජනතාව වෙත විවෘත කිරීම නතර කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්, අධිකරණයේ තීන්දුවක් මත ව්‍යාපෘති භූමිය වසා දමා තිබෙනවා. අපි ගරු අධිකරණයේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුව ව්‍යාපෘති භූමිය විධිමත්ව මහජනතාවගේ භාවිතය සඳහා නැවත විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.
(v) මේ සම්බන්ධයෙන් දීර්ඝ ලැයිස්තුවක් තිබෙනවා. මම එය ඇමුණුම 03 ලෙස ඉදිරිපත් කරනවා.
මෙහි තිබෙන හැටියට, මාතර බස් නැවතුම්පොළ හා සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ගත්‍තොත්, එහි පරිපාලන ව්‍යුහය වශයෙන් මාතර මහ නගර සභාව විසින් ව්‍යාපෘති නඩත්තු කරගෙන පවත්වාගෙන යෑම සිදු කරනවා. එහි වග කිව යුතු ආයතනය හා පුද්ගලයන් හැටියට තිබෙන්නේ, නාගරික කොමසාරිස්, මාතර මහ නගර සභාව.
ඒ ආදී වශයෙන් ඒ ඒ ව්‍යාපෘතිවලට අදාළ පරිපාලන ව්‍යුහ සහ ඒ සම්බන්ධයෙන් වග කිව යුතු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇමුණුමේ 03හි තිබෙනවා.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2025-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks