පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
984/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින තේ කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
(ii) මෙම වර්ෂය තුළ තේ කර්මාන්තශාලා 225ක් පමණ වැසී ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බව දන්නේද;
(iii) එම ප්‍රකාශය සත්‍යයක්ද;
(iv) ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු හිමියන්ගේ සහ තේ කර්මාන්තයේ අනාගත සුරක්ෂිතභාවය සහතික කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-10
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) තේ කර්මාන්තශාලා 567කි.
|
|
දිස්ත්‍රික්කය |
ලියාපදිංචි තේ කර්මාන්තශාලා |
වර්තමානය වන විට තේ නිෂ්පාදනය සිදු කරන කර්මාන්තශාලා (2025) |
|
1 |
බදුල්ල |
62 |
57 |
|
2 |
කොළඹ |
2 |
1 |
|
3 |
ගාල්ල |
116 |
101 |
|
4 |
හම්බන්තොට |
1 |
1 |
|
5 |
කළුතර |
34 |
29 |
|
6 |
මහනුවර |
88 |
73 |
|
7 |
කෑගල්ල |
24 |
18 |
|
8 |
මාතලේ |
6 |
6 |
|
9 |
මාතර |
96 |
79 |
|
10 |
මොනරාගල |
0 |
0 |
|
11 |
නුවරඑළිය |
129 |
116 |
|
12 |
රත්නපුර |
104 |
86 |
|
|
මුළු එකතුව |
662 |
567 |
(ii) ඔව්.
(iii) එය අසත්‍ය ප්‍රකාශයකි.
ඔබතුමා අහලා තිබුණේ, අපේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා මේ වෙන කොට ලංකාවේ තේ කර්මාන්තශාලා 225ක් වැසී ගොස් තිබෙනවා කියලා අපේ කාලය -පසුගිය මාස කීපයකට පෙර- තුළ කිව්වා, ඒක සත්‍යයක්ද කියලායි. ඒක අසත්‍ය ප්‍රකාශයක්. එතුමා පසුව මාධ්‍ය සාකච්ඡාවක් තියලා එය නිවැරදි කළා, ඒක එතුමා අතින් සිදු වෙච්ච වැරැද්දක් කියලා.
ඒ අනුව මෙම වර්ෂයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් වසා දමා ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව 6යි. ඒ කියන්නේ, 2025 වසරේ වසා දැමූ කර්මාන්තශාලා සංඛ්‍යාව 6යි. හැබැයි, මම සන්තෝෂයෙන් කියන්න ඕනෑ, මේ අවුරුද්දේ කර්මාන්තශාලා 6ක් වැහෙනකොට පසුගිය කාලයේ වසා දමා තිබුණු කර්මාන්තශාලා 16ක් අපි විවෘත කර තිබෙන බව. ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් හැටියට මම මේ තොරතුරු ටික කියන්නම්.
රත්නපුරේ කර්මාන්තශාලාවක් - ග්‍රීන් මවුන්ට් කර්මාන්තශාලාව - අපි මේ අවුරුද්දේ විවෘත කළා. මේ අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්කන්ද හා පිබුරගල කියන කර්මාන්තශාලා දෙක විවෘත කළා. මාතර දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ වසා දමා තිබුණු කර්මාන්තශාලා 6ක් අපි මේ අවුරුද්දේ විවෘත කළා. ඒ තමයි වුඩ්ලන්ඩ් කර්මාන්තශාලාව, සුදුගහහේන කර්මාන්තශාලාව, නිව් ගාමිණී කර්මාන්තශාලාව, තම්මැන්නා කර්මාන්තශාලාව, ත්‍රී ටයිම්ස් කර්මාන්තශාලාව, දන්ලන්ද කර්මාන්තශාලාව.
ඒ වාගේම ගම්පොළ වසා දමා තිබූ කර්මාන්ත ශාලා 6ක් අපි මේ අවුරුද්ද ඇතුළත විවෘත කරනු ලැබුවා. ඒ තමයි, නිව් ෆර්න්ලන්ඩ් කර්මාන්ත ශාලාව, මුරුතලාව කර්මාන්තශාලාව, පුස්සතැන්න කර්මාන්තශාලාව, පුපුරැස්ස කර්මාන්තශාලාව, ගොඩපොළ කර්මාන්ත ශාලාව, පන්සල්තැන්න කර්මාන්තශාලාව. අපි බදුරලියේ නිල්ගහහේන කර්මාන්ත ශාලාවත් විවෘත කළා.
ඒ වාගේම ගරු කථානායකතුමනි, කර්මාන්ත ශාලා වැසී යෑම සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට තව පැහැදිලි කිරීමක් හැටියටයි මම මෙය කියන්නේ. 2018 අවුරුද්දේ කර්මාන්ත ශාලා 13ක්, 2019දී 17ක්, 2020දී 20ක්, 2022දී 14ක්, 2023දී 19ක් සහ 2024දී -ගිය අවුරුද්දේ- කර්මාන්තශාලා 17ක් වැහිලා තිබෙනවා. මේ අවුරුද්දේ මේ වෙනකොට කර්මාන්තශාලා 6ක් වැහෙනකොට අපි වහපු කර්මාන්තශාලා 16ක් විවෘත කර තිබෙනවා.
(iv) ඔව්.
තේ කර්මාන්තයේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් තේ කර්මාන්තශාලා සහ අනෙකුත් තේ කර්මාන්තයේ නියැළෙන පාර්ශ්වකරුවන් සඳහා තේ කර්මාන්තයේ තිරසාර පැවැත්ම සහ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. එම විස්තර ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks