01

E   |     |  

 දිනය: 2025-09-26   පිළිතුර ලබා දී ඇත 

0980/2025: අනුරාධපුර, හෝගොඩයාගම බීජ ගොවිපළ: බදු දීම

980/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ගොවිපළ සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවා කවරේද;

           ‍(iii)       අනුරාධපුර, ගල්නෑව, හෝගොඩයාගම බීජ ගොවිපළට අයිති ඉඩම්  ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

(iv) එම ගොවිපළ යම් පුද්ගලයෙක්/ආයතනයක් වෙත බදු පදනම මත ලබාදී තිබේද;

(v) එසේ නම්, බදු පදනම මත ලබා දුන් වර්ෂය කවරේද;

(vi) බදු පදනම මත ලබා ගත් පුද්ගලයාගේ/ආයතනයේ නම සහ ලිපිනය කවරේද;

(vii) එම පුද්ගලයා/ආයතනය නිසි පරිදි බදු මුදල් ගෙවා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)            (i)      ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ගොවිපළ සංඛ්‍යාව 17කි.

              (ii)      ඇමුණුම 01හි සඳහන් කර ඇත.

 

(iii) අක්කර 47 පමණ (හෙක්ටෙයාර 18.83 පමණ)

              (iv)      ඔව්.

               (v)      2001 වර්ෂයේදී

              (vi)      ප්‍රාදේශීය ලේකම් ගල්නෑව මඟින් උතුරු මැද පළාත් සභාව හරහා, රජරට ජන සහන පදනම වෙත

                        ලිපිනය - සැනසුම, අංක 630, ගුවන් තොටුපළ පාර, අනුරාධපුරය

             (vii)      නැත.

 

(ආ)      මෙම ඉඩම් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් වෙත විධිමත් පරිදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් භාර දී ඇති අතර, ප්‍රාදේශීය ලේකම්, ගල්නෑව විසින් උතුරුමැද පළාත් සභාව වෙත භාර දී ඇත. උතුරුමැද පළාත් සභාව විසින් රජරට ජන සහන පදනම වෙත ‍භාර දී ඇත. ඒ අනුව මහවැලි අධිකාරිය සතුව බදු ගෙවීම් සම්බන්ධ ලේඛන නොමැත.

පිළිතුරු දුන් දිනය

2025-09-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks