E   |     |  

 දිනය: 2025-08-07   පිළිතුර ලබා දී ඇත 

0976/2025: ඊ.එල්. ඉර්ෆාන් සහ කේ.එස්. නිෂ්ෆාර්: බෝට්ටු අනතුර සඳහා වන්දි

976/2025

ගරු එම්. එස්. උදුමාලෙබ්බේ මහතා,— ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2024.07.12 දින අඩ්ඩාලච්චේනේ, කප්පලඩි ධීවර තොටුපොළෙන් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය, සින්න පාලමුනෙයි ප්‍රදේශයේ පදිංචි ඊ.එල්. ඉර්ෆාන් නමැති ධීවරයා තමිල්නාඩු වෙරළට ගසා‍ ගෙන ගොස් තිබූ අතර දින 130කට පසුව 2024.11.20 දින ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවත්;

 (ii) මෙහිදී, අඩ්ඩාලච්චේනේ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එස්. නිෂ්ෆාර් නමැති ධීවරයා මරණයට පත්වූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මරණයට පත්වූ කේ.එස්. නිෂ්ෆාර් නමැති ධීවරයාට, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවා තිබේද;

(ii) ඊ.එල්. ඉර්ෆාන් නමැති ධීවරයාට සහ ඔහුගේ හානියට පත්වූ බෝට්ටුවට වන්දි ගෙවා තිබේද;

(iii) එසේ නම්, ඉහත සඳහන් ධීවරයන්ට ගෙවූ වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-08-07

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2025-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks