01

E   |     |  

 දිනය: 2025-07-11   පිළිතුර ලබා දී ඇත 

0974/2025: සමන්තුරේ තොප්පිකුඩා ප්‍රධාන ඇළ: ප්‍රතිසංස්කරණය

974/2025

ගරු එම්. එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, සමන්තුරේ වාරිමාර්ග කාර්යාලය මඟින් නඩත්තු කරනු ලබන දකුණු ඉවුර ප්‍රධාන ඇළ මාර්ගයේ ඇති ‘තොප්පිකුඩා’ ප්‍රධාන ඇළ පිටාර ගලන කාලවලදී සමන්තුරේ සහ නින්දවූර් ප්‍රදේශවල කුඹුරු අක්කර දහස් ගණනක් වතුරට යට වන බව දන්නේද;

(ii) ඉහත ඇළ මාර්ගය ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේද;

(iii) එසේ නම්, එම මූල්‍ය ප්‍රතිපාදනය කොපමණද;

(iv) එම ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අවශ්‍ය කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-07-11

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගඟ පිටාර ගලන විටදී ගඟ දෙපස භූමිය පහත් කිරීම නිසා දුර්වල වී ඇති ගං ඉවුරු කැඩී යෑම හේතුවෙන් කුඹුරු ඉඩම් යට වේ.

              (ii)      මෙවර අය වැයෙන් ගල් ඔය වාරි පුනරුත්ථාපන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත.

             (iii)      "‍තොප්පිකුඩා" ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 111.31ක් පමණ වෙන් කර ඇත.

(iv) ඉදි කිරීම් සඳහා බාධා ඇති වන අහිතකර කාලගුණික තත්ත්වය  නොමැතිව මාස 5ක පමණ කාලයක් අවශ්‍ය වේ. (දැනට ක්‍රියාත්මක කන්නය සඳහා ද තාවකාලිකව පිළිසකරකොට ජලය ලබා දෙනු ලැබේ.)

(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks