පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
972/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල රජයේ ප්‍රාදේශීය රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් රෝහලේ අනුමත වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් සේවකයන් සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පුරප්පාඩු පිරවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
(iv) ඉහත දිස්ත්‍රික්කවල රෝහල්වල ඖෂධවේදීන්ගේ පුරප්පාඩු තිබේද;
(v) එම පුරප්පාඩු පුරවන දිනය කවරේද;
(vi) ඖෂධවේදීන් බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවද, පත්වීම් ලබාදී නොමැති බැවින් පත්වීම් ලබාදෙන දිනය කවරේද;
(vii) ඉහත රෝහල්වල ගිලන් රථ රියදුරන්ගේ පුරප්පාඩු තිබේද;
(viii) එම පුරප්පාඩු පුරවන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) යාපනය, වේලනෙයි ප්‍රාදේශීය රෝහල B ශ්‍රේණියට ශ්‍රේණිගත කර තිබේද;
(ii) එය බලපැවැත්වෙන දිනය කවරේද;
(iii) ශ්‍රේණිගත කිරීමට අනුකූලව එම රෝහලේ අනුමත සේවකයන් සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රේණිගත කිරීමට සාපේක්ෂව රසායනාගාර සහ කාර්ය මණ්ඩල පහසුකම් ලබාදී තිබේද;
(v) නොඑසේ නම්, ඒවා ලබා දීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
රෝහල් වර්ගය |
යාපනය |
කිලිනොච්චිය |
එකතුව |
|
A වර්ගයේ ප්‍රාදේශීය රෝහල් |
- |
- |
- |
|
B වර්ගයේ ප්‍රාදේශීය රෝහල් |
05 |
01 |
06 |
|
C වර්ගයේ ප්‍රාදේශීය රෝහල් |
18 |
06 |
24 |
|
එකතුව |
23 |
07 |
30 |
(ii) ඇමුණුම මඟින් දක්වා ඇත. එය දීර්ඝ විස්තරයක් සහිත ඇමුණුමක් බැවින් මම එය සභාගත* කරනවා.
(iii) පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරින් 1,374ක් සඳහා 2025 සැප්තැම්බර් 15වන දින රාජකාරියට වාර්තා කිරීමට හැකිවන පරිදි පත්වීම් ලබා දීම සිදු කර ඇති අතර එම නිලධාරින්ගෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රකාශයට පත් කර ඇති වෛද්‍ය නිලධාරි පුරප්පාඩු ලේඛනය සලකා සේවා අවශ්‍යතාව අනුව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සිදු කර තිබෙනවා.
දැනට සිසු හෙද පුහුණුවේ නිරත, ඉදිරියේදී පුහුණුව අවසන් කිරීමට නියමිත හෙද ඩිප්ලෝමාධාරින් කණ්ඩායම් හා මාස හයක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවාගෙන පත්වීම් ලබා දීමට නියමිත හෙද උපාධිධාරින් සඳහා පත්වීම් ලබා දීමේ දී මෙම රෝහලට අනුයුක්ත කරනවා.
ගරු කථානායකතුමනි, 2019 සිසු හෙද කණ්ඩායමේ 294දෙනෙකුට ඔක්තෝබර් මුල හෙද නිලධාරි පත්වීම් ලබා දෙනවා. ඒ සියලු දෙනාම උතුරු, නැඟෙනහිරට තමයි යොමු කරන්නේ.
මේ වනවිට උපාධිධාරින් 875ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගෙන ඒ අයගෙන් 700ක් පමණ බඳවා ගන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒගොල්ලන්ගේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිට පැවැත්වෙනවා. ඔක්තෝබර් මැද ඒ අයගේ අනුස්ථාපන පාඨමාලාව ආරම්භ කරනවා. ඒක මාස හයක් පැවැත්වෙනවා. ඒ අනුව අප්‍රේල් මැද වෙන කොට ඒ 700දෙනාටත් පත්වීම් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒවායිනුත් මේ පුරප්පාඩු පිරවෙනවා.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ - MLT, භෞත චිකිත්සක, විකිරණ ශිල්පී, වාග් චිකිත්සක සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී යන තනතුරු සඳහා ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ අනුව උතුරු, නැඟෙනහිරටත් අනුයුක්ත කරනවා.
උතුරු පළාත් සභාව මඟින් ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී අනෙකුත් සහායක කාර්ය මණ්ඩලය සහ සුළු සේවක පුරප්පාඩු සඳහා බඳවාගෙන සේවා අවශ්‍යතාව අනුව ඔවුන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය රෝහල් වෙත අනුයුක්ත කිරීම සිදු කරනු ලබනවා.
අපි මේ වන විට සෞඛ්‍ය කාර්ය සහායකයින් 1,900ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. රේඛීය අමාත්‍යාංශයේ රෝහල්වලට තමයි එසේ බඳවා ගන්නේ. ඒ විධියට රේඛීය අමාත්‍යාංශයේ පුරප්පාඩු පිරවූවාට පස්සේ ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කරලා, පළාත් සභාවලට අයිති ප්‍රාදේශීය රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණය අනුව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
(iv) ඔව්.
(v) ඖෂධවේදී උපාධිධාරින් 164ක් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා 2025.08.05 දිනැතිව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත යොමු කර තිබෙනවා. ඊට අදාළ අනුමැතිය ලැබීමෙන් පසු බඳවා ගැනීමේ පටිපාටිය අනුව බඳවා ගැනීම් කටයුතු සිදු කරනු ලබන අතර, ඒ අනුව පුරප්පාඩු පවතින රෝහල් වෙත අනුයුක්ත කිරීම් සිදු කරනු ලබනවා.
(vi) ඖෂධවේදී බඳවා ගැනීම් සිදු කිරීම සඳහා මේ වන තෙක් අනුමැතිය ලැබිලා නැහැ. ඒක නිසා සම්මුඛ පරීක්ෂණ තවම සිදු කරලා නැහැ.
(vii) ඔව්.
(viii) පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සඳහා රියදුරන් පත් කිරීම අදාළ පළාත් සභාව මඟින් සිදු කරනවා. ඒ අනුව උතුරු පළාත් සභාව මඟින් අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන අතර, අනුමැතිය ලද පසු රියදුරන් බඳවා ගැනීම සිදු කරනවා.
(ආ) (i) ඔව්.
(ii) 2020.01.31
(iii) අනුමත කාර්ය මණ්ඩලය ඇමුණුම 02 හැටියට මම ඉදිරිපත් කරලා තිබෙනවා.
කෙටියෙන් කිව්වොත්, එම අනුමත කාර්ය මණ්ඩලය අනුව දැනට වෛද්‍ය නිලධාරින් දෙදෙනෙක් සිටිය යුතුයි, ඒ දෙදෙනාම ඉන්නවා. දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් එක්කෙනෙක් ඉන්න ඕනෑ, ඒ එක්කෙනා ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙක් ඉන්න ඕනෑ, ඉන් එක්කෙනෙක් ඉන්නවා. Dispensersලා දෙදෙනෙක් ඉන්න ඕනෑ, ඉන් එක්කෙනෙක් ඉන්නවා. එක රියදුරෙක් ඉන්න ඕනෑ, ඒ අනුව එක්කෙනෙක් ඉන්නවා. Attendantsලා හයදෙනෙක් ඉන්න ඕනෑ, ඒ හයදෙනාම ඉන්නවා.
වොචර් කෙනෙක් ඉන්න ඕනෑ. ඒ කෙනා නැහැ. සෞඛ්‍ය කාර්ය සහායකයන් ඔක්කෝම 8දෙනෙක් ඉන්න ඕනෑ. ඉන් 5දෙනෙක් ඉන්නවා. මේ වේලනෙයි රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අනුමත කරගෙන නැහැ. ඒක අනුමත කරගෙන අපි කටයුතු කරනවා. ඊළඟට, සංවර්ධන නිලධාරින්. එතැන ඇත්තටම cadre එකක් නැහැ, නමුත් එක්කෙනෙක් ඉන්නවා. Community Health Workersලා 4දෙනෙක් ඉන්න ඕනෑ. ඒ 4දෙනාම ඉන්නවා.
(iv) ශ්‍රේණිගත කිරීම්වලට සාපේක්ෂව කාර්ය මණ්ඩල පහසුකම් ලබා දී නැති බව මම සඳහන් කළා.
(v) වේලනෙයි ප්‍රාදේශීය රෝහල සඳහා කාර්ය මණ්ඩල ප්‍රතිමානයන්ට - cadre normsවලට - අනුව කාර්ය මණ්ඩලය යාවත්කාලීන කර නොමැති අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මෙන්ම රසායනාගාර සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ කටයුතු ඉදිරියේදී උතුරු පළාත් සභාව මගින් සිදු කරනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks