පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-11
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රජයේ ප්‍රාදේශීය රෝහල් "A", "B", "C" කියලා කාණ්ඩ තුනක තිබෙනවා. ඒ නිසා සිටින සේවක සංඛ්‍යාව එකිනෙකට වෙනස් වෙනවා. ඒ සේවක සංඛ්‍යාව ගණන් හදන්නේ එම රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව මත පදනම් වෙලායි. ඒ අනුව ප්‍රාදේශීය රෝහලක මෙන්න මේ කාර්ය මණ්ඩලය සේවය කරනවා.
වෛද්‍ය නිලධාරි
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරි
හෙද නිලධාරි
ඖෂධ සංයෝජක/ඖෂධවේදී
සංවර්ධන නිලධාරි
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ
සෞඛ්‍ය කාර්ය සහායක
(ii)
|
දිස්ත්‍රික්කය |
රෝහල් සංඛ්‍යාව |
|
වවුනියාව |
09 |
|
මන්නාරම |
09 |
|
මුලතිව් |
07 |
(iii)
|
District |
Name of the Divisional Hospital |
|
Vavuniya |
DHB Nedunkerny DHB Poovarsankulam DHC Mamaduwa DHC Neriyakulam DHC Omanthai DHC Pavatkulam DHC Puliyankulam DHC Sihamparapuram DHC Ulukkulam |
|
Mannar |
DHB Adampan DHB Pesalai DHB Silawathurai DHB Thalaimannar DHB Vidathalthivu DHC Erukkalampiddy DHC Nanattan DHC Periyapandivrichan DHC Vankalai |
|
Mullaitivu |
DHA Sampathnuwara DHB Oddusuddan DHB Unappulavu/Mullaitivu DHC Alampil DHC Kokulai DHC Moonkilaru DHC Nadankandal |
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ 'A' වර්ගයේ ප්‍රාදේශීය රෝහල් එකයි. 'B' වර්ගයේ දෙකයි. 'C' වර්ගයේ හතරයි. මන්නාරම දිස්ත්‍රික්කයේ 'B' වර්ගයේ ප්‍රාදේශීය රෝහල් පහයි. 'C' වර්ගයේ හතරයි. වවුනියාව දිස්ත්‍රික්කයේ 'B' වර්ගයේ ප්‍රාදේශීය රෝහල් දෙකයි. 'C' වර්ගයේ හතයි. මේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශීය රෝහල් 25ක් පවතිනවා.
(iv) ඔව්.
(v) පැන නොනඟී.
(vi) පැන නොනඟී.
(ආ) (i) ඔව්.
(ii) 2017.09.30
(iii) දැනට එම රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයේ තොරතුරු මෙසේයි, ගරු මන්ත්‍රීතුමනි.
වෛද්‍ය නිලධාරින් - අනුමත කාර්ය මණ්ඩලය 4යි, ඒ 4දෙනාම ඉන්නවා. දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්- අනුමත කාර්ය මණ්ඩලය 1යි, දෙදෙනෙකු ඉන්නවා. හෙද නිලධාරින්- අනුමත කාර්ය මණ්ඩලය 16යි, ඒ 16දෙනාම ඉන්නවා. ඖෂධවේදීන් - අනුමත කාර්ය මණ්ඩලය 1යි, දෙදෙනෙකු ඉන්නවා. Public Health Midwife - අනුමත කාර්ය මණ්ඩලය 3යි, 4දෙනෙකු ඉන්නවා. සංවර්ධන නිලධාරින්- අනුමත කාර්ය මණ්ඩලය 1යි, 3දෙනකු ඉන්නවා. Public Management Service Officer - අනුමත කාර්ය මණ්ඩලය 1යි, එම නිලධාරියා ඉන්නවා. Dispenser - අනුමත කාර්ය මණ්ඩලය 3යි, එක්අයෙකු ඉන්නවා. රියදුරු- අනුමත කාර්ය මණ්ඩලය 1යි, දෙදෙනෙකු ඉන්නවා. Attendant - අනුමත කාර්ය මණ්ඩලය 8යි, 10දෙනකු ඉන්නවා. Cook - අනුමත කාර්ය මණ්ඩලය 1යි, එය පුරප්පාඩුයි. මුරකරු - අනුමත කාර්ය මණ්ඩලය 1යි, එක් නිලධාරියකු ඉන්නවා. සෞඛ්‍ය කාර්ය සහායක - ශ්‍රේණි දෙකේම අනුමත කාර්ය මණ්ඩලය 18යි, 22ක් ඉන්නවා. Community Health Worker - අනුමත කාර්ය මණ්ඩලය 3යි, තුන්දෙනාම ඉන්නවා.
2017දී අනුමත කාර්ය මණ්ඩලය අනුව එතැන 62ක් සිටිය යුතුයි, 71ක් සේවය කරනු ලබනවා. ගරු මන්ත්‍රීතුමා, ගැටලුවක් පැන නැඟිලා තිබෙන්න පුළුවන් පසුගිය වසර 8 තුළදී කාර්ය මණ්ඩල අනුමත ප්‍රමාණය වැඩි නොවුණු නිසා. 2017දී අනුමත කාර්ය මණ්ඩලය අනුව බොහෝ ශ්‍රේණිවල සිටිය යුතු ප්‍රමාණයන් සිටිනවා. නමුත් මම පිළිගන්නවා පසුගිය අවුරුදු හතේ, අටේ අවශ්‍යතාව අනුව ඒ ඒ ශ්‍රේණිවලට සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ කියලා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks