01

E   |     |  

 දිනය: 2025-07-11   පිළිතුර ලබා දී ඇත 

0923/2025: ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය: විස්තර

923/2025

ගරු සුනිල් රත්නසිරි මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආරම්භ කිරීම සඳහා එවකට වෙළෙඳ අමාත්‍යාංශය විසින් මුදල් යොදවා තිබේද;

            (ii)       එසේ නම්, එම මුදල කොපමණද;

‍(iii) මේ වනවිට එම ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;

 (iv) 2020 වර්ෂයේ සිට 2024 දක්වා එම ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) මේ වනවිට එම ආයතනයේ බිඳවැටීමක් තිබේ නම්, එය වළක්වා ගැනීම සඳහා ගන්නා ලද පියවර කවරේද;

(vi) එම ආයතනය අලාභ ලබන තත්ත්වයට පත් කරන ලද කළමනාකාරිත්වයට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-11

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එවකට තිබූ අභ්‍යන්තර හා අන්තර් ජාතික වාණිජ කටයුතු හා ආහාර අමාත්‍යාංශය මඟින් මුදල් ලබාදී නැත.

                        මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් ගොනැගිලි ඉදිකිරීම සඳහා මුදල් ලබා දී ඇත.

              (ii)      ලබා දී ඇති මුදල රුපියල් මිලියන 373කි.

            (iii)      නොදනී.

විස්තර ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතුව නොමැත.

(iv) නොදනී.

විස්තර ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතුව නොමැත.

(v) නොදනී.

(vi) නොදනී.

ඔබතුමා අහලා තිබෙන ප්‍රශ්නයට අදාළව තමයි මේ පිළිතුර තිබෙන්නේ. මොකද, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතුව මේ තොරතුරු නැති නිසා.

(ආ) අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අමප/17/0956/701/011 අංක හා 2017.05.24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි,

i. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රජයට අයත් නොවන, ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඇති ආයතනයක් ලෙස පිළිගැනීමට හා

 ii. එම ආයතනය කිසිදු අමාත්‍යාංශයක විෂය පථයට නොගැනෙන පරිදි කටයුතු කිරීමට අනුමැතිය ලබා දී ඇත.

 

ඒ අනුව, 2017.07.06 දිනැති 2026/35 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් එම ආයතනය 2017.05.16 දින සිට කිසිදු අමාත්‍යාංශයක් යටතට නොගැනෙන බවට ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

එසේ හෙයින්, මෙම අමාත්‍යාංශයට ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගත නොහැක. ගැසට් නිවේදනය ඇමුණුම වශයෙන් මා ඉදිරිපත් කරන අතර එය සභාගත* කරමි.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා අහපු ප්‍රශ්නයට අදාළ සමහර තොරතුරු අප සතුව නැහැ. ඒ නිසා තමයි (අ) (v) සහ (vi) ප්‍රශ්නවලට "නොදනී" කියලා උත්තර දීලා තිබෙන්නේ. මේ වෙනකොට මහපොළ භාර අරමුදල මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් තිබෙනවා. අවශ්‍ය නම්, ඉදිරියේදී ඒ පිළිබඳව ඔබතුමාට දැනුම් දෙන්න පුළුවන්.

 

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks