පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
922/2025
ගරු සුනිල් රත්නසිරි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය කොපමණද;
(ii) අවසන් වරට රතු දත්ත පොත නිකුත් කර ඇති වර්ෂය කවරේද;
(iii) ඒ අනුව ශ්‍රී ලංකාවේ වනඅලින් සම්බන්ධ තර්ජන මට්ටම කවරේද;
(iv) 2024 වර්ෂය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් මියගිය වනඅලින් සංඛ්‍යාව හා පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) අලි-මිනිස් ගැටුම හේතුවෙන් මියගිය පුද්ගලයන් හා සිදු වූ දේපළ හානි වෙනුවෙන් 2024 වර්ෂයේදී ගෙවා ඇති වන්දි මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2011 වර්ෂයේ සංගණනයට අනුව අලින් 5,879ක් පමණ වේ.
(ii) අවසන් වරට රතු දත්ත පොත නිකුත්කොට ඇත්තේ 2021 වර්ෂයේ වන අතර, එම වර්ෂයේ කුරුල්ලන් සඳහා පමණක් රතු දත්ත පොත නිකුත් කර ඇත.
2020 වර්ෂයේ ශාක විශේෂ සඳහා පමණක් රතු දත්ත පොත නිකුත් කර ඇත. මීට අමතරව 2012 වර්ෂයේ ශාක හා සත්ව යන කොටස් දෙකම ඇතුළත් කර රතු දත්ත පොත නිකුත් කර ඇත. ඊට අදාළ ලේඛනය ඇමුණුම 01 වශයෙන් ඉදිරිපත් කරමි.
(iii) 2012 වර්ෂයේදී අවසන් වරට ශාක හා සතුන් සම්බන්ධයෙන් නිකුත් කරන ලද රතු දත්ත පොත අනුව ශ්‍රී ලංකාවේ වන අලියාගේ සංරක්ෂණ තත්ත්වය, තර්ජනයට ලක්වූ ලෙස වර්ග කර ඇත.
ඊට අදාළ ලේඛනය ඇමුණුම 02 වශයෙන් ඉදිරිපත් කරමි.
(iv)
(v)
|
වර්ෂය |
මිනිස් මරණ සඳහා වන්දි (රු.) |
දේපළ හානි සඳහා වන්දි (රු.) |
එකතුව (රු.) |
|
2024 |
139,500,000.00 |
219,130,108.41 |
358,630,108.41 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks