01

E   |     |  

 දිනය: 2025-06-19   පිළිතුර ලබා දී ඇත 

0916/2025: ගනේවත්ත ප්‍රා.ලේ. කොට්ඨාසයේ LRC ඉඩම: නියමු ව්‍යාපෘතිය සඳහා අත්පත් කර ගැනීම

----

අසන ලද දිනය

2025-06-19

අසන ලද්දේ

ගරු චන්දන තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      වන්දි මුදල     - රුපියල් 25,300,000.00

                        පොලී මුදල    - රුපියල් 12,321,110.00

                        මුළු මුදල       - රුපියල් 37,621,110.00

             (iii)      කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය

             (iv)      කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය

(v)       කෘෂි නිෂ්පාදන සැකසීමේ නියමු ව්‍යාපෘතිය

(vi)   ඔව්.

සී/ස හිරියාල ගොවිජන සමාගම ආරම්භ කරන අවස්ථාවේදී ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සඳහා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් 55,618,000ක මුදලක් වැය කර ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා තිබෙනවා. එම ලිපිය ඇමුණුමක් ලෙස දක්වා තිබෙනවා. එම ඇමුණුම සභාගත* කරනවා.

(ආ) (i) ඔව්. (වසර 30ක කාලයක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දී ඇත.)

(ii) රුපියල් 304,000කි.

(iii)   සී/ස හිරියාල ගොවිජන සමාගම විසින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර ඇති 2024.12.06 දිනැති ලිපියෙහි සභාපති ලෙස මංජුලා දිසානායක යන අයගේ නම සඳහන් වෙනවා.

 (iv) ඔව්.

ඉඩම නිසි සංවර්ධනයකින් ‍තොර වූවකි. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අවසරයකින් තොරව රයිගම් (වයඹ) සීරියල් ලිමිටඩ් සමාගම වෙත අතුරු බදු ලබා දී ඇත.

(v) මෙම බදු ලබා දී ඇති ඉඩම ද නිසි සංවර්ධනයක් නොමැති වීම හා නීත්‍යනුකූල නොවන ආකාරයට බාහිර පාර්ශ්ව වෙත අතුරු බදු ලබා දී ඇති බව අනාවරණය විය. බදු ගිවිසුමේ කොන්දේසි කඩ කර ඇති බව වාර්තා වීමෙන් පසු බදුකරය අවලංගු කිරීමට කටයුතු කරගෙන යෑමේදී මෙම ඉඩමට අදාළ බදුකරය ලංකා පුත්‍ර බැංකුවට උකස් කර සී/ස හිරියාල ගොවිජන සමාගම විසින් ලබා ගෙන තිබූ ණය මුදල නොගෙවීම මත අධිකරණය මඟින් ඇති කරගෙන ඇති සමථකරණය හේතුවෙන් හා අතුරු බදු දීම තුළින් රජයට අහිමි වී ඇති ආදායම ලබා ගැනීම ගැන අවධානය යොමු කර ඇත.

එම අවස්ථාවේ බදු ගිවිසුම අවලංගු නොකරන ලද අතර මාස 6ක් තුළ බදු කොන්දේසිවලට අනුකූලව කටයුතු නොකළහොත් බදු ගිවිසුම අවලංගු කිරීමට ඉදිරි කටයුතු කරන ලෙස බැංකුවට ද, අදාළ සමාගමට ද පිටපත් සහිතව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් වෙත උපදෙස් ලබා දී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks