පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
916/2025
ගරු චන්දන තෙන්නකෝන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කුරුණෑගල, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 472, පොතුවිල ග්‍රාම නිලධාරි වසමේ අක්කර 76ක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක්, කෘෂිකර්ම අමාත්‍යංශයේ නියමු ව්‍යාපෘතියකට 1999 දී අත්පත් කරගෙන ඇති බව දන්නේද;
(ii) ඒ වෙනුවෙන් කොමිෂන් සභාවට ගෙවූ වන්දි මුදල, පොලී මුදල හා මුළු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉඩම අත්පත් කරගැනීමට ඉල්ලීම් කළේ කවුරුන්ද;
(iv) ඉඩම අත්පත් කරගැනීමෙන් පසු භුක්තිය භාර දුන්නේ කාහටද;
(v) එම කෘෂිකර්ම නිෂ්පාදන නියමු ව්‍යාපෘතිය කවරේද;
(vi) එම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශාල ප්‍රාග්ධන වියදමක් දරා ඇති බව දන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අත්පත් කරගත් ඉඩම, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ‘හිරියාල ගොවිජන සමාගමට’ වර්ෂ 30කට අර්ධ කාලීන බදු පදනම මත ලබා දී ඇති බව දන්නේද;
(ii) එම සමාගම ගෙවිය යුතු වාර්ෂික බදු මුදල කොපමණද;
(iii) ඉහත සමාගමේ සභාපති කවුරුන්ද;
(iv) මෙහිදී රජයේ මුදල්/දේපළ අවභාවිතා කර ඇති බව පිළිගන්නේද;
(v) ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු චන්දන තෙන්නකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) වන්දි මුදල - රුපියල් 25,300,000.00
පොලී මුදල - රුපියල් 12,321,110.00
මුළු මුදල - රුපියල් 37,621,110.00
(iii) කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය
(iv) කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය
(v) කෘෂි නිෂ්පාදන සැකසීමේ නියමු ව්‍යාපෘතිය
(vi) ඔව්.
සී/ස හිරියාල ගොවිජන සමාගම ආරම්භ කරන අවස්ථාවේදී ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සඳහා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් 55,618,000ක මුදලක් වැය කර ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා තිබෙනවා. එම ලිපිය ඇමුණුමක් ලෙස දක්වා තිබෙනවා. එම ඇමුණුම සභාගත* කරනවා.
(ආ) (i) ඔව්. (වසර 30ක කාලයක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දී ඇත.)
(ii) රුපියල් 304,000කි.
(iii) සී/ස හිරියාල ගොවිජන සමාගම විසින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර ඇති 2024.12.06 දිනැති ලිපියෙහි සභාපති ලෙස මංජුලා දිසානායක යන අයගේ නම සඳහන් වෙනවා.
(iv) ඔව්.
ඉඩම නිසි සංවර්ධනයකින් තොර වූවකි. ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අවසරයකින් තොරව රයිගම් (වයඹ) සීරියල් ලිමිටඩ් සමාගම වෙත අතුරු බදු ලබා දී ඇත.
(v) මෙම බදු ලබා දී ඇති ඉඩම ද නිසි සංවර්ධනයක් නොමැති වීම හා නීත්‍යනුකූල නොවන ආකාරයට බාහිර පාර්ශ්ව වෙත අතුරු බදු ලබා දී ඇති බව අනාවරණය විය. බදු ගිවිසුමේ කොන්දේසි කඩ කර ඇති බව වාර්තා වීමෙන් පසු බදුකරය අවලංගු කිරීමට කටයුතු කරගෙන යෑමේදී මෙම ඉඩමට අදාළ බදුකරය ලංකා පුත්‍ර බැංකුවට උකස් කර සී/ස හිරියාල ගොවිජන සමාගම විසින් ලබා ගෙන තිබූ ණය මුදල නොගෙවීම මත අධිකරණය මඟින් ඇති කරගෙන ඇති සමථකරණය හේතුවෙන් හා අතුරු බදු දීම තුළින් රජයට අහිමි වී ඇති ආදායම ලබා ගැනීම ගැන අවධානය යොමු කර ඇත.
එම අවස්ථාවේ බදු ගිවිසුම අවලංගු නොකරන ලද අතර මාස 6ක් තුළ බදු කොන්දේසිවලට අනුකූලව කටයුතු නොකළහොත් බදු ගිවිසුම අවලංගු කිරීමට ඉදිරි කටයුතු කරන ලෙස බැංකුවට ද, අදාළ සමාගමට ද පිටපත් සහිතව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් වෙත උපදෙස් ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks