පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
873/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවති දින දක්වා මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;
(ii) ඉහත කාල සීමාව තුළ එක් එක් මුදල් අමාත්‍යවරයා යටතේ මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;
(iii) ඉහත කාල සීමාව තුළ එක් එක් ජනාධිපතිවරයා යටතේ මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;
(iv) ඉහත කාල සීමාව තුළට අයත් වන යම් කාල වකවානුවක පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර තිබේද;
(v) පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කිරීමේ අහිතකර බලපෑම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-08
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැති දිනය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද සහ ටංකනය කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි පිළිබඳ තොරතුරු:
2015 වර්ෂයේදී රුපියල් බිලියන 280ක්, 2016 වර්ෂයේදී රුපියල් බිලියන 170ක්, 2017 වර්ෂයේදී රුපියල් බිලියන 201ක්, 2018 වර්ෂයේදී නෝට්ටු විධියට රුපියල් බිලියන 161ක්, 2019 වර්ෂයේදී සමස්ත නෝට්ටු හා කාසි වශයෙන් බලනකොට රුපියල් බිලියන 217ක්, 2020 වර්ෂයේදී රුපියල් බිලියන 322ක්.
සමස්ත එකතුව, 2021 වර්ෂයේදී රුපියල් බිලියන 210ක්, 2023 වර්ෂයේදී රුපියල් බිලියන 213ක් සහ 2024 ජනවාරි සිට 2024 ජනාධිපතිවරණය පැවැති දිනය දක්වා රුපියල් බිලියන 60.62ක ප්‍රමාණයක මුදලක් මුද්‍රණය සහ ටංකනය කරන ලද බව වාර්තා කර තිබෙනවා.
(ii) ඉහත කාල සීමාවේ එක් එක් මුදල් අමාත්‍යවරයාගේ ධුර කාලය තුළ මුද්‍රණය කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ ටංකනය කරන ලද කාසිවල වටිනාකම ගත්තොත්, ගරු රවී කරුණානායක මුදල් ඇමතිතුමාගේ කාලයේදී සමස්ත එකතුව රුපියල් බිලියන 646.17ක්. එය, සමස්ත කාල සීමාවේ වැඩිම ප්‍රමාණය ලෙස සඳහන් වෙනවා. ඊළඟට, ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමාග් කාලයේදී රුපියල් බිලියන 472.75ක ප්‍රමාණයක්, ගරු මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස රුපියල් බිලියන 487.35ක ප්‍රමාණයක්, ගරු බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස රුපියල් බිලියන 201.5ක ප්‍රමාණයක් සහ ගරු රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස රුපියල් බිලියන 442.35ක ප්‍රමාණයක් ආදී වශයෙන් සඳහන් වනවා.
(iii) අදාළ කාල සීමාවේ එක් එක් ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ මුද්‍රණය කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ ටංකනය කරන ලද කාසිවල වටිනාකම ගත්තොත්, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස කටයුතු කළ කාලසීමාවේ රුපියල් බිලියන 1,118.92ක ප්‍රමාණයක්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ රුපියල් බිලියන 688.85කුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලසීමාව තුළ රුපියල් බිලියන 442.35කුත් ලෙස සඳහන් වෙනවා.
(iv) අදාළ නොවේ.
(v) මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ නෝට්ටු සහ කාසි ආකාරයෙන් භෞතික වශයෙන් මුදල් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. අනෙක් අතට, මුදල් මුද්‍රණය යනුවෙන් පුළුල් ලෙස අදහස් වනුයේ මහ බැංකුවක් ආර්ථිකයට නව මුදල් නිකුත් කරන ක්‍රියාවලිය වන අතර, එය මුදල් පදනමේ ප්‍රසාරණය මඟින් පිළිබිඹු වේ.
ආර්ථිකයක් වර්ධනය වන විට, ආර්ථිකයට අවශ්‍ය මුදල් ප්‍රමාණයද වර්ධනය වේ. එබැවින්, පාලනයක් සහිතව මුදල් මුද්‍රණය සිදු කිරීම ආර්ථිකයට හානිකර නොවේ. කෙසේ වෙතත්, නව මුදල් නිකුත් කිරීම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාවට අනුරූප විය යුතුය. ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනයට අනුකූලව මුදල් ප්‍රමාණය වැඩි වනවිට, එය ආර්ථික උද්ධමන පීඩනයක් ඇති නොකරන අතර, තිරසර ආර්ථික වර්ධනයකට සහාය වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks