පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
860/2025
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ආර්ථික මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා අතරින් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින සහ අක්‍රිය තත්ත්වයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානයක් තිබෙන බව දන්නේද;
(iv) එම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන ලද දිනය කවරේද;
(v) එය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(vi) එහි ඇති වෙළඳ කුටි සංඛ්‍යාව කොපමණද;
(vii) ඒ අතරින් මේ වනවිට ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව පවතින වෙළඳ කුටි සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-12
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳව අමාත්‍යාංශය තුළ දත්ත නොමැති අතර වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංඛ්‍යාව 18කි.
(ii) අමාත්‍යාංශය යටතේ පවතින ආර්ථික මධ්‍යස්ථාන අතුරින් ක්‍රියාකාරි මට්ටමේ ඇති විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ගණන 15කි: වේයන්ගොඩ, වැලිසර, නාරාහේන්පිට, රත්මලාන, මීගොඩ, පිළියන්දල,තඹුත්තේගම, දඹුල්ල, කැප්පෙටිපොළ, නුවරඑළිය, ඇඹිලිපිටිය, කන්දහන්දිය, කුරුඳුවත්ත, අම්පාර, වවුනියාව. වවුනියාව විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අපි පසුගිය 09වැනි දා තමයි විවෘත කළේ.
ඊට අමතරව, ක්‍රියාකාරී මට්ටමේ නොමැති ආර්ථික මධ්‍යස්ථාන ගණන 03කි. ඒ, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චිය.
(iii) අමප/05/2119/027/003 අංක හා 2006.01.16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව භාර ඔප්පුවක් මඟින් ස්ථාපනය කරන ලද, දැනට මෙම අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18 තුළ මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය නමින් ආර්ථික මධ්‍යස්ථානයක් නොමැත.
(iv), (v), (vi), (vii)
ඉහත (iii) පිළිතුර අනුව අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks