01

E   |     |  

 දිනය: 2025-08-21   පිළිතුර ලබා දී ඇත 

0859/2025: Leased out Lands in Anuradhapura District

859/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ, බදු පදනම මත ලබාදී තිබෙන රජයේ ඉඩම් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 153 ග්‍රාම නිලධාරි වසමේ, කොඩින්නෑව ගමේ පිහිටි අක්කර 100ක් පමණ විශාලත්වයකින් යුතු රජයේ ඉඩම අනවසරයෙන් එළිපෙහෙළි කර අස්වද්දා ඇති බව දන්නේද;

(iii) එසේ නම්,  එම ඉඩම එළිපෙහෙළි කර අස්වද්දා ඇත්තේ කවුරුන් විසින්ද;

(iv) එම පුද්ගලයන්ට ඒ සඳහා නීත්‍යානුකූල අයිතියක් තිබේද;

(v) ඔවුන් පොහොර සහනාධාරය ලබා ගෙන තිබේද;

(vi) එසේ නම්, එම පොහොර සහනාධාරය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-21

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks