පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
859/2025
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, බදු පදනම මත ලබාදී තිබෙන රජයේ ඉඩම් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 153 ග්‍රාම නිලධාරි වසමේ, කොඩින්නෑව ගමේ පිහිටි අක්කර 100ක් පමණ විශාලත්වයකින් යුතු රජයේ ඉඩම අනවසරයෙන් එළිපෙහෙළි කර අස්වද්දා ඇති බව දන්නේද;
(iii) එසේ නම්, එම ඉඩම එළිපෙහෙළි කර අස්වද්දා ඇත්තේ කවුරුන් විසින්ද;
(iv) එම පුද්ගලයන්ට ඒ සඳහා නීත්‍යානුකූල අයිතියක් තිබේද;
(v) ඔවුන් පොහොර සහනාධාරය ලබා ගෙන තිබේද;
(vi) එසේ නම්, එම පොහොර සහනාධාරය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-21
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ බදු පදනම මත ලබා දී ඇති රජයේ ඉඩම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් පහත දැක්වේ.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
ඉඩම් කැබලි ප්‍රමාණය |
|
1 |
මධ්‍යම නුවර ගම් පළාත |
659 |
|
2 |
පලුගස්වැව |
106 |
|
3 |
නැඟෙනහිර නුවර ගම් පළාත |
1205 |
|
4 |
රාජාංගනය |
30 |
|
5 |
නොච්චියාගම |
56 |
|
6 |
රඹෑව |
183 |
|
7 |
හොරොව්පතාන |
12 |
|
8 |
පලාගල |
04 |
|
9 |
තලාව |
189 |
|
10 |
කැකිරාව |
663 |
|
11 |
කහටගස්දිගිලිය |
101 |
|
12 |
මහඉලුප්පල්ලම |
118 |
|
13 |
ඉපලෝගම |
42 |
|
14 |
ගලෙන්බිඳුනවැව |
202 |
|
15 |
පදවිය |
08 |
|
16 |
ගල්නෑව |
44 |
|
17 |
මැදවච්චිය |
350 |
|
18 |
මිහින්තලය |
291 |
|
19 |
නාච්චාදූව |
75 |
|
20 |
විලච්චිය |
118 |
|
21 |
කැබිතිගොල්ලෑව |
301 |
|
22 |
තිරප්පනේ |
406 |
|
23 |
තඹුත්තේගම |
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ඉඩම් මහවැලි අධිකාරියට අයත් බව දන්වන ලදී. |
(ii) ඔව්.
(iii) ඉඩම එළිපෙහෙළි කරන ලද පුද්ගලයන් නිශ්චිතව හඳුනා ගත නොහැක. නමුත්, කාලාන්තරයක් මෙම ඉඩම් භුක්ති විඳින පිරිස් අතර 2005 වසරේ පමණ සිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ විසින් හේන් හා කුඹුරු ඉඩම් වගා කිරීමට මෙම ප්‍රදේශ භාවිත කරන බව කොඩින්නෑව ගොවි සංවිධානයේ ලේකම්ගේ තොරතුරු අනුව හා දැනට අක්කර 02ක පමණ ස්ථීර භෝග වගාවන් සිදු කරන අයගේ ප්‍රකාශ තුළින් තහවුරු කර ගත හැකි බව හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කර ඇති බව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් දන්වා ඇත.
● හේන් ඉඩම් අක්කර 75ක් පමණ ප්‍රදේශවාසීන් සහ බාහිර පුද්ගලයන් වගා කරන අතර, කන්න භෝග වගා කරන බැවින් වගා කන්නයේදී ක්ෂේත්‍ර පරීක්ෂාවක් මඟින් නිශ්චිතව තහවුරු කරගෙන දැන්වීමට කටයුතු කළ හැකි බව සහ
● වී වගා කරන කුඹුරු ඉඩම් අක්කර 75ක් පමණ ප්‍රදේශවාසීන් සහ බාහිර පුද්ගලයන් වගා කරන අතර, වගා කන්නයේදී ක්ෂේත්‍ර පරීක්ෂාවක් මඟින් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ලේඛන අනුව නිශ්චිතව තහවුරු කරගෙන දැන්වීමට කටයුතු කළ හැකි බව ද හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් දන්වා ඇත. මේ වෙනකොට කන්නයේ වැඩ ආරම්භ කර තිබෙනවා. මේ මොහොත වන විටත් නිලධාරින් ඒ අදාළ සමීක්ෂණ කටයුතු සිදු කරමින්, අදාළ තොරතුරු එක්රැස් කර ගන්නවා කියන එක තමයි නිලධාරින්ගේ පැත්තෙන් දැනුම්දීම් කර තිබෙන්නේ.
(iv) බලපත්‍ර, දීමනා පත්‍ර හෝ දීර්ඝ කාලීන බලපත්‍ර මෙතෙක් නිකුත් කර නොමැත.
(v) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති පරිදි මෙම ඉඩම සඳහා පොහොර සහනාධාරය ලබාදී ඇත්තේ අක්කර 10ක් සඳහා පමණි.
(vi) මෙහි වගා කටයුතු කරන ගොවීන් දෙදෙනෙකු වෙත නිකුත් කර ඇති මුදල් සහනාධාර ප්‍රමාණය පිළිබඳ තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පහත පරිදි දක්වා ඇත.
● 2023/2024 මහ කන්නයේ දී එක් අක්කරයකට රුපියල් 6000.00 බැඟින් අක්කර 05කට රුපියල් 30,000.00ක් නිකුත් කර ඇත.
● 2024/2025 මහ කන්නය සඳහා එක් අක්කරයකට රුපියල් 10,000.00 බැඟින් අක්කර 10කට රුපියල් 100,000.00ක් නිකුත් කර ඇත.
පොහොර වශයෙන් නිකුත් කර ඇති සහනාධාර ප්‍රමාණය පහත පරිදි වේ.
● සුළු වාරිමාර්ග කුඹුරු සඳහා එක් අක්කරයකට යූරියා කිලෝග්‍රෑම් 72ක්, එම්ඕපී කිලෝග්‍රෑම් 16ක් හා ටීඑස්පී කිලෝග්‍රෑම් 14ක් බැඟින් ලබා දී ඇත.
● අහස්දිය කුඹුරු සඳහා එක් අක්කරයකට යූරියා කිලෝග්‍රෑම් 62ක්, එම්ඕපී කිලෝග්‍රෑම් 14ක් හා ටීඑස්පී කිලෝග්‍රෑම් 12 බැඟින් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks