පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
845/2025
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) උතුරු මැද පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිති සංඛ්‍යාව, බැංකු සමිති සංඛ්‍යාව සහ එම බැංකුවල ශාඛා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම සමූපකාර සමිති සහ බැංකු සමිති ස්ථාපිත කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සීමාසහිත උතුරු මැද පළාත් සෞභාග්‍යා සමූපකාර සමිතිය (SCD) සහ සීමාසහිත අනුරාධපුර දිස්ත්‍රික් ග්‍රාමීය මූල්‍යධන සංවර්ධන සමූපකාර සමිතිය (RCD) යනුවෙන් සමිති දෙකක් ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම එක් එක් සමිතිය ආරම්භ කරන ලද දිනය, ලියාපදිංචි අංකය සහ ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම ලිපිනවල වර්තමාන අයිතිකරුවන් කවරේද;
(iv) එම සමිති ස්ථාපිත කිරීමේදී ප්‍රාථමික, ද්විතීයීක සහ තෘතීය සංයුතිය සහ ක්‍රමවේදය අනුගමනය කර තිබේද;
(v) නොඑසේ නම්, අනුගමනය කර ඇති ක්‍රමවේදය කවරේද;
(vi) එම සමිති සඳහා සේවකයන් බඳවා ගැනීමේදී උතුරු මැද පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ අනුමතිය ලබා ගෙන තිබේද;
(vii) නොඑසේ නම්, ඔවුන් බඳවා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-08
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විවිධ සේවා සමුපකාර සමිති 17යි.
බැංකු සමිති සංඛ්‍යාව 2යි.
එම බැංකුවල ශාඛා සංඛ්‍යාව,
(ii) 1) සමුපකාර සමිතියක් ස්ථාපිත කිරීම සඳහා මුලින්ම සමිතිය ලියාපදිංචි කළ යුතු වේ.
2) එහිදී, මූලික නීතිමය අවශ්‍යතා ඉටු කර තිබේද, සමිතියේ අරමුණු, සමුපකාර නීතිය හා වෙනත් නීති සමඟ ගැටේද යන්න හා එම සමිතියේ ආර්ථික හා සංවිධාන ශක්තිය සලකා බලනු ලැබේ.
3) ඉන් පසු ලියාපදිංචියට අවශ්‍ය ලේඛන සමුපකාර සංවර්ධන නිලධාරියාගේ නිර්දේශය සහිතව ලබාගෙන ලියාපදිංචිය සිදු කරනු ලැබේ.
(ආ) (i) ඔව්.
(ii) සීමාසහිත උතුරු මැද පළාතේ ස්‍යෙභාග්‍යා සමුපකාර සමිතිය(SCD)
ආරම්භ කරන ලද දිනය - 2021.11.10
ලියාපදිංචි අංකය - උමැප/සමු/002
පැරණි ලිපිනය - අංක C 4/1, බටහිර ඇතුමල්පිටිය, පොළොන්නරුව.
නව ලිපිනය - 125/1 A,
මඩකලපුව පාර, පොළොන්නරුව.
සීමාසහිත අනුරාධපුර දිස්ත්‍රික් ග්‍රාමීය මූල්‍යධන සංවර්ධන සමුපකාර සමිතිය (RCD)
ආරම්භ කරන ලද දිනය - 2022.12.30
ලියාපදිංචි අංකය - අ/1130
පැරණි ලිපිනය - අංක 37, කුඩා කැකිරාව, කැකිරාව.
අනුරාධප්‍රර දිස්ත්‍රික් ග්‍රාමීය මූල්‍යධන සංවර්ධන සමුපකාර සමිතිය, මාකට් පෙදෙස, දෙවන මහල, අනුරාධපුර.
(iii) සමිති සාමාජිකයින්.
(iv) ඔව්.
(v) අදාළ නොවේ.
(vi) නැත.
(vii) ඉහත සමිති 2ක සඳහා අධ්‍යක්ෂ මණ්ඩලවල තීරණය මත සම්මුඛ පරීක්ෂණයකින් පසුව සේවකයින් බඳවා ගැනීමට කටයුතු කර ඇත. සීමාසහිත උතුරු මැද පළාත් සෞභාග්‍යා සමුපකාර සමිතියට සේවකයින් බඳවා ගැනීම සඳහා අංක NCP/CCD/D1/05/70-IV හා 2025.05.08 දිනැති ලිපියෙන් සමුපකාර සේවක කොමිෂන් සභාව වෙත අනුමැතියට ඉදිරිපත් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks