E   |     |  

 දිනය: 2025-06-17   පිළිතුර ලබා දී ඇත 

0837/2025: ශ්‍රීලංගම මැදවච්චිය ප්‍රාදේශීය වැඩපළ: යෝජිත ටයර් නිෂ්පාදන කම්හල

837/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ප්‍රාදේශීය වැඩපළ සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවා ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;

            ‍(iii)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, මැදවච්චිය ප්‍රාදේශීය වැඩපළ තුළ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා කර තිබූ බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සඳහා වෙන් කර තිබූ මුදල කොපමණද;

(v) 2025 පෙබරවාරි 28 වන දිනට එහි ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-06-17

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ප්‍රාදේශීය වැඩපළ සංඛ්‍යාව              - 11යි.

                        ටයර් පෙරසවි කිරීමේ කර්මාන්තශාලා     - 01යි.

              (ii)       ප්‍රාදේශීය වැඩපළ යටිනුවර, කුරුණෑගල, මැදවච්චිය, ගිංතොට, කළුදෑවල, බදුල්ල, බණ්ඩාරවෙල, උඩුබද්දාව, කොග්ගල, ගම්පහ හා මල්ලාකම් (යාපනය) යන ප්‍රදේශවල ද, ටයර් පෙරසවි කිරීමේ කර්මාන්තශාලාව අම්පාර ප්‍රදේශයෙහි ද ස්ථාපිත කර ඇත.

             (iii)        ඔව්. මැදවච්චිය ප්‍රාදේශීය වැඩපළ තුළ ටයර් පෙරසවි කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම‍ට යෝජනා  කර ඇත.

(iv) ටයර් පෙරසවි කම්හල සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම පිණිස ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 52.7කි.

මෙය 2025 වර්ෂයේ ජාතික අයවැයට ඇතුළත් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබූ නමුත්, ජාතික අය වැය මඟින් ඒ  සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැත. ඉදිකිරීම් සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලැබී ඇත.

(v) ඔව්.

යෝජිත කර්මාන්තශාලා ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත.

විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් නවීන තාක්ෂණය යටතේ මෙම කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති බැවින් මෙම වසර තුළ ‍එම කටයුතු අවසන් කරීමට බලාපොරොත්තු වේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks