04

E   |     |  

 දිනය: 2025-06-03   පිළිතුර ලබා දී ඇත 

0836/2025: උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය: විස්තර

----

අසන ලද දිනය

2025-06-03

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එම ව්‍යෘපෘතිය ආරම්භ කර තිබෙන්නේ 2015 ඔක්තෝබර් මාසයේදීයි.

              (ii)      අදියර 06ක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.

                       1.     මොරගහකන්ද සිට කෝන්ගැටිය දක්වා (කිලෝමීටර 0+100 සිට කිලෝමීටර 3+980 දක්වා) ඉදිකිරීම UEC-ICB-1

2. කෝන්ගැටිය සිට මාදැත්තාව වැව දක්වා (කිලෝමීටර 3+980 සිට කිලෝමීටර 17+718 දක්වා) උතුරු මැද පළාත් මහ ඇළ ඉදිකිරීම NCPCP-3

3. මාදැත්තාව සිට කෝඳුරුවැව ප්‍රධාන පිවිසුම් උමඟ දක්වා (කිලෝමීටර 17+718 සිට කිලෝමීටර 27+509 දක්වා) උතුරු මැද පළාත් මහ ඇළ NCPCP-4

4. 27+509 km - 55+600 km සිට උමං මාර්ගය ඉදිකිරීම. (UEC-ICB-2A)

5. උතුරු මැද පළාත් මහ ඇළට පිටමුව (outlet) සහිතව නාමල්පුර සිට යකල්ල දක්වා (කිලෝමීටර 55+600 සිට කිලෝමීටර 65+500 දක්වා) උතුරු මැද පළාත් මහ ඇළ ඉදිකිරීම. යකල්ල සිට මාමිනියා ඔය දක්වා හුවමාරු ඇළ ඉදිකිරීම (කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 6+131 දක්වා) මාමිනියා ඔය වැඩිදියුණු කිරීම. (කිලෝමීටර් 0+000 සිට කිලෝමීටර 13+309 දක්වා) NCPCP-5

6. ඒරු වැව දකුණු ඉවුරු ඇළ සිට කනදරා ඔය දක්වා වැඩිදියුණු කිරීම (කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 10+941 දක්වා) NCPCP-6

සිතියම ඇමුණුම වශයෙන් ඉදිරිපත් කරමි. ඇමුණුම සභාගත* කරමි.

(iii) මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නේ, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්ක වේ.

    (iv) 1. හුරුළු වැව, මාන්නක් කට්ටිය වැව, ඒරු වැව, මහකනදරාව වැව, නාච්චදූව වැව, නුවර වැව           සහ තිසා වැව කියන වැව්වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම මඟින් හෙක්ටෙයාර 12,300ක ගොවිබිම්වලට හිඟයකින් තොරව යල මහ කන්න වගා කිරීම සඳහා ජලය ලබා දීම එක අරමුණක්.

  2. ඉහත (i) යටතේ ගොවි පවුල් 25,000ක ආදායම් තත්ත්වය ඉහළ නැංවීම.

   3. පානීය ජලය මිලියන කියුබික් මීටර් 40ක් වාර්ෂිකව ලබා දීම මඟින් පවුල් 150,000කට ප්‍රතිලාභ ලැබීම.

    4. භූගත ජල මට්ටම වැඩි වීම සහ ප්‍රදේශයේ අනෙකුත් පහසුකම් වැඩිවීම මඟින් සිදු වන ආර්ථික ප්‍රතිලාභ.

(ආ) (i) ඔව්.

       (ii) 2025 ජූනි 24.

      (iii) ඒකට හේතු කිහිපයක් දක්වන්න පුළුවන්. දේශපාලනික කාරණා මම සඳහන් කරන්නේ නැහැ. රටේ තිබුණු ආර්ථික තත්ත්වය, කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ඇති වුණු තත්ත්වයන්, ණය වාරික ලබා ගැනීම සඳහා තිබුණු ගැටලු - මේ සඳහා ණය ලබා දී තිබුණේ ආසියානු සංවර්ධන බැංකුවෙන්- සහ ලංසු කැඳවීම්වලට අදාළව තිබුණු ගැටලු රාශියක් නිසා මෙම ව්‍යාපෘතිය කල් ඇදිලා; අවුරුදු 10ක් පැනලාත් තවම සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා.

• මෙම ඇළ මාර්ගයේ ප්‍රධානම සහ සංකීර්ණ වූ ඉදිකිරීම් කොටස වන කිලෝමීටර 27.7ක දිගින් යුතු උමං මාර්ගය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව 2017වර්ෂයේදී ලංසු කැඳවීමට සූදානම් වුවද, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ ඇති වූ ජල කාන්දුව හේතු කොටගෙන සමාලෝචනය කිරීම සඳහා තාවකාලිකව නතර කරන ලදී. එම සමාලෝචනයෙන් අනතුරුව වසර 2 1/2කට පසු, එනම් 2019 වර්ෂයේදී ප්‍රසම්පාදනව ක්‍රියාවලිය අවසන් කර 2020 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

• 2020-2021 කාල සීමාව තුළදී රටේ පැවති COVID-19 pandemic  තත්ත්වය.

• 2022 වර්ෂයේදී රටේ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය මත ඉදිකිරීම් අමුද්‍රව්‍ය/යකඩ කම්බි (reinforcement)/ඉන්ධන සහ පුපුරණ ද්‍රව්‍ය හිඟතාව සහ එම ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම යන කරුණු කොන්ත්‍රාත්තුවේ ප්‍රගතිය සඳහා වූ බලපෑම.

• 2023දී ලැබීමට නියමිත වූ ණය වාරික තුන ලබා දීම 2024 ඔක්තෝබර් මස දක්වා ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීම ප්‍රමාද වීම ප්‍රගතිය සඳහා ඍජුවම බලපාන ලදී.

      (iv)   (1)   භෞතික ප්‍රගතිය - සියයට 20.5

              ( 2)   මූල්‍ය ප්‍රගතිය - රුපියල් මිලියන 40,600

(ඇ) අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2025-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks