පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
816/2025
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දෙයියන්දර නගරය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුමක් සකස් කර තිබේද;
(ii) එම සැලසුමේ ඇති යෝජනා කොපමණ ප්‍රමාණයක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබේද;
(iii) ඉතිරි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) ඉහත සැලසුම අනුව දෙයියන්දර ප්‍රාථමික පාසල මේ වනවිට පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබුණේද;
(v) එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා බලය පවරන ලද ආයතනය/පුද්ගලයා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-22
අසන ලද්දේ
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, දෙයියන්දර නගරය, නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස 2010.02.18 දින අංක 1641/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර මේ වන විට දළ නගර සංවර්ධන සැලැස්මක් සකස් කර ඇත.
(ii) එම දළ සංවර්ධන සැලැස්ම යටතේ පහත සඳහන් ව්‍යාපෘති තුන මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
1. දෙයියන්දර නගර මධ්‍ය භූ දර්ශන ව්‍යාපෘතිය
සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙයියන්දර මංසන්ධිය පදික වේදිකා සහිතව භූ දර්ශනය කර සංවර්ධනය කර ඇත.
2. දෙයියන්දර ප්‍රාථමික පාසල ප්‍රතිස්ථානගත කිරීමේ ව්‍යාපෘතිය
දෙයියන්දර ප්‍රාථමික පාසල ප්‍රතිස්ථානගත කිරීම සඳහා දංහේන ප්‍රදේශයෙන් අක්කර 04ක භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර එම භූමිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.
3. බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය
බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, මේ වන විට එහි පළමු අදියර නිම කර ඇත. නමුත් ඊළඟ අදියර සම්පූර්ණ කිරීම සඳහා පවතී.
(iii) ඉතිරි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත සංකල්පනාත්මක සැලසුම් ඉදිරිපත් කර භාණ්ඩාගාර අරමුදල් ලබා ගැනීමට සහ රාජ්‍ය හා පෞද්ගලික මැදිහත්වීම මත ඉතිරි යෝජනා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.
(iv) ඔව්.
ඉහත සැලසුමට අනුව දෙයියන්දර ප්‍රාථමික පාසල ඉවත් කිරීමට සැලසුම් කර තිබුණි.
(v) ඇත්තටම මේ තීරණය අරගෙන තිබෙන්නේ දේශපාලන තීන්දුවක් හැටියට. 2016.12.19වන දින මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දෙයියන්දර බස් නැවතුම්පොළ ඉදිකිරීම සඳහා දෙයියන්දර ප්‍රාථමික පාසලේ ගොඩනැඟිලි ඉවත් කිරීමට තීරණය කොට ඇත.
ඒ අනුව දෙයියන්දර ප්‍රාථමික පාසල නැවත ප්‍රතිස්ථානගත කිරීම සඳහා දංහේන ප්‍රදේශයෙන් අක්කර 4ක භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී ඇත. ප්‍රතිපාදන ලද පසු එම භූමියේ පාසල ඉදිකරන තෙක් තාවකාලිකව දෙයියන්දර ප්‍රාථමික පාසල වෙනත් ස්ථානයක ස්ථානගත කර ඇති අතර, පාසල ප්‍රතිස්ථානගත කිරීමේ වගකීම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2025-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks