01

E   |     |  

 දිනය: 2025-05-22   පිළිතුර ලබා දී ඇත 

0795/2025: ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථාන පවරා ගැනීම: ක්‍රමවේදය

----

අසන ලද දිනය

2025-05-22

අසන ලද්දේ

ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       නැත.

                        නමුත්, සාමාන්‍යයෙන් ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථාන ඇති කරන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ආවරණය නොවන ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබා දීම සඳහායි. National Water Supply and Drainage Board එකේ ආවරණය ලැබුණාම කිසියම් ගැටලුවක් පවතින, එහෙම නැත්නම් අක්‍රිය තත්ත්වයේ පවතින ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථාන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පවරා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා.

(ii) ඒ සම්බන්ධයෙන් වන නිර්ණායක සහ මාර්ගෝපදේශ ඇමුණුමෙහි සඳහන් කර තිබෙනවා.  එම ඇමුණුම සභාගත* කරනවා.

සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදයට අනුව අදාළ ප්‍රජාමූල සංවිධානයේ සභා රැස්වීමකින් බහුතර එකඟතාව මත ඉල්ලීමක් කළොත් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් එකතු වෙලා ක්ෂේත්‍ර පරීක්ෂාවක් කරනවා.

ඒ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී එළැඹෙන තීරණය අනුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ඒ වාගේම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයත් අනුමැතියක් අරගෙන අදාළ ප්‍රජා ජල සම්පාදන මධ්‍යස්ථානය පවරා ගැනීම සඳහා කටයුතු කරනවා.

(iii) නැත. යෝග්‍යතාව සලකා බලා ඒ අනුව අවශ්‍ය දේපළ පමණක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පවරා ගන්නවා.

(iv)   ඔව්. ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් අදාළ මාර්ගෝපදේශ අනුව මෙම ප්‍රජා ජල සැපයුම් මධ්‍යස්ථානය මණ්ඩලය වෙත පවරා ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා. නමුත්, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාව සහ විශේෂයෙන්ම ප්‍රජා ජල සැපයුම් ඒකකයේ ප්‍රතිලාභින් විසින්, විධිමත් විධියට ඒක පවරා ගත්තේ නැහැ කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පැමිණිල්ල අනුව පරීක්ෂණයක් කරමින් පවතිනවා. එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දෙන්න තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේ. නමුත්, තවමත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. විධිමත් විධියට පවරා ගැනීමක් සිද්ධ වුණා ද කියන දේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් ආරම්භ කරලා, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා.

(v)  එවැනි අමාත්‍ය මණ්ඩල අනුමැතියක්                  ලබාගෙන නැහැ. මොකද, ඉහත සඳහන්                කරපු මාර්ගෝපදේශ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය හා ජල සම්පාදන හා ජලාපවහන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පමණයි අවශ්‍ය වන්නේ. ඒ අනුමැතිය අනුව තමයි පවරා ගැනීම සිද්ධ වෙලා තිබෙන්නේ.

(ආ)  අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2025-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks