පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
791/2025
ගරු සුජීව දිසානායක මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වෙලංගොල්ල වත්ත (හාමුගේ වත්ත) යන රජයේ ඉඩමේ වර්තමාන තත්ත්වය කවරේද;
(ii) එම ඉඩමේ විශාලත්වය අක්කරවලින් කොපමණද;
(iii) එම ඉඩම කර්මාන්ත සඳහා ලබාදී තිබේද;
(iv) එසේ නම්, එම කර්මාන්ත කවරේද;
(v) කර්මාන්ත සඳහා ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(vi) එම කර්මාන්තවල සේවක ධාරිතාවය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-03
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම ඉඩම ඇඟලුම් ආශ්‍රිත කර්මාන්තයක් සඳහා වෙන් කර ඇති අතර එම ආයතනය විසින් අදාළ ව්‍යාපෘතියේ මූලික කටයුතු සිදු කරමින් පවතී.
වෙලංගොල්ල වත්ත - හාමුගේ වත්ත - කියන රජයේ ඉඩමේ දැනට රිදීබැඳිඇල්ල කියන කර්මාන්තපුරය පවත්වා ගෙන යනවා. ඒ සඳහා මූලික ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
(ii) අක්කර 17 පර්චස් 32.19ක් කර්මාන්තපුරය සඳහා වෙන් කර ඇත.
(iii) ලබා දී ඇත.
(iv) ඇඟලුම් ආශ්‍රිත කර්මාන්තයක් සඳහා රිට්ස් ක්ලෝතින් (පුද්) සමාගම වෙත ලබා දී ඇත.
(v) අක්කර 17 පර්චස් 32.19
(vi) 1135 (යෝජිත)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks