පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
781/2025
ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් මහියංගනය නගරයේ සංචාරක සුව පහසු මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බව දන්නේද;
(ii) එම පරිශ්‍රයේ විශාලත්වය වර්ග අඩි කොපමණද;
(iii) එය ඉදිකිරීම සඳහා වියදම් කරන ලද මුළු මුදල කොපමණද;
(iv) එම මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණ කවරේද;
(v) එම අරමුණ ඉටු වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බදුදී තිබේද;
(ii) එසේ නම්, බදු ගැනුම්කරුගේ නම කවරේද;
(iii) මාසික බදු කුලිය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-09
අසන ලද්දේ
ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) වර්ග මීටර් 692කි.
(iii) රුපියල් 10,394,662.02කි.
(iv) මහියංගනය කියන්නේ විශේෂයෙන් දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මෙසේ පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම වාගේම ඔවුන් ආකර්ෂණය කර ගැනීම ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු ගණනාවක් මුල් කරගෙන තමයි මේ ස්ථානය ඉදිකරලා තිබෙන්නේ
(v) මේ ස්ථානය ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් තමයි ඉදිකරලා තිබෙන්නේ. නමුත් දැනට මේ ස්ථානය බදු පදනම මත ලබා දීලා තමයි ක්‍රියාත්මක වෙන්නේ.
ඒ අනුව මුලින් කියපු අරමුණ ඒ ආකාරයෙන්ම ඉටුවන බවක් අපට පෙනී යන්නේ නැහැ.
(ආ) (i) ඔව්.
(ii) රවීන්ද්‍ර අනුර විදානගමගේ මහතා.
(iii) රු. 36,000.00යි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks