පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
739/2025
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ නගරයේ මලාපවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා කොළඹ මහා නගර සභාව වෙත ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රදානය කරන ලද මුදල සහ එම මුදලෙන් මේ වනවිට භාවිතා කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ලද මුදල්වලින් කොටසක් භාවිතයට නොගෙන කොළඹ මහා නගර සභාව විසින් තැන්පතුවක දමා ඇති බව දන්නේද;
(iii) එසේ නම්, එම මුදල කොපමණද;
(iv) ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-08
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොළඹ නගරයේ මලාපවාහන පද්ධතිය වැඩි දියුණු කිරිම සඳහා කොළඹ මහා නගර සභාව වෙත ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රදානය කරන ලද ණය මුදල සහ එම මුදලෙන් මේ වන විට භාවිත කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
ණය සංරචකය
|
ණය මුදල් අංක |
ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රදානය කරන ලද ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන |
භාවිත කර ඇති මුදල රුපියල් |
|
මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය |
||
|
OCR -2557 |
80.00 |
රුපියල් වටිනාකම රු. 12,252,570,646.95 (ඇමෙරිකානු ඩොලර් මිලියන 74.98) |
|
ADF -2558 |
14.37 |
රුපියල් වටිනාකම රු. 1,394,407,698.88 (ඇමෙරිකානු ඩොලර් මිලියන 10.21) |
|
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන |
||
|
ADF -3030 |
8.00 |
රුපියල් වටිනාකම රු. 1,757,929,866,70 (ඇමෙරිකානු ඩොලර් මිලියන 7.92) |
|
ADF -3348/3349 |
90.00 |
රුපියල් වටිනාකම රු. 5,156,796,516,69 (ඇමෙරිකානු ඩොලර් මිලියන 26.53) |
* වියදම් කළ අගය ශ්‍රී ලංකා රුපියල් මඟින් ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, එම වියදම් දැරීම වර්ෂ ගණනාවක් පුරා සිදුකර ඇති අතර, කාලයත් සමඟ විනිමය අනුපාත වෙනස්වීම මත වියදම් කළ මුදලෙහි දළ අගයක් ඇමෙරිකානු ඩොලර් මඟින් දක්වා ඇත.
(ii) ආසියානු සංවර්ධන බැංකුව විසින් උක්ත ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ලද මුදල්වලින් කොටසක් භාවිතයට නොගෙන කොළඹ මහ නගර සභාව විසින් කිසිදු තැන්පතුවක දමා නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks