පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
738/2025
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය දිනවල කොළඹ, බේරේ වැවේ මත්ස්‍යයන් මිය යාමේ සිද්ධියක් වාර්තාවූ බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් කරුණු කවරේද;
(iii) බේරේ වැවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ජලාශවල ජලය අතිශය දූෂිතවී ඇති බැවින්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-22
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොළඹ බේරේ වැවේ මත්ස්‍යයන් මිය යෑමේ සිද්ධියක් වාර්තා වී නොමැත. එහෙත් බේරේ වැවෙහි ගංගාරාම සීමා මාලකය අසල පිහිටි දූපතෙහි සිටි තාරාවුන් මිය යෑමේ සිද්ධියක් 2025 ජනවාරි මාසයේදී වාර්තා වී ඇත.
(ii) ඉහත (අ) (i) පිළිතුර අනුව තාරාවුන් මිය යෑම පිළිබඳව පරීක්ෂණ කටයුතු කොළඹ මහ නගර සභාව විසින් සිදු කරන ලද අතර එම පරීක්ෂණ වාර්තාව මෙම අමාත්‍යාංශය සතුව නොමැත.
(iii) ශ්‍රී ලංකාවේ ජලාශවල භාරකාරත්වය විවිධ ආයතන සතු වන අතර, එම ආයතනවලට අදාළව පවතින නීති රාමූ තුළ අදාළ ආයතන ක්‍රියා කරනු ඇත.
බේරේ වැව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යභාරය ඇමුණුමෙහි** සවිස්තරව දක්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks