පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-11
අසන ලද්දේ
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 88,482කි.
(ii) අන්ත දිළිඳු - 15,774
දුප්පත් - 31,911
සංක්‍රාන්තික - 20,413
අවදානමට ලක්වූ - 20,384
(iii) අගලවත්ත - 2,576
බණ්ඩාරගම - 7,501
බේරුවල - 10,605
බුලත්සිංහල - 5,822
දොඩංගොඩ - 5,186
හොරණ - 6,930
ඉංගිරිය - 5,060
කළුතර - 12,378
මදුරාවල - 2,251
මතුගම - 6,575
මිල්ලනිය - 4,435
පාලින්දනුවර - 4,843
පානදුර - 9,329
වලල්ලාවිට - 4,991
(iv) යම් ඉල්ලුම්කරුවෙකුහට අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ පළමු අදියරේදී යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා දුක් ගැනවිලි අංශයට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව අගලවත්ත මැතිවරණ බල ප්‍රදේශයේ දුක් ගැනවිලි 1,365ක පමණ ප්‍රමාණයක් අප වෙත ලැබී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් විසඳුම් ලබා දීමට කටයුතු කර ඇත.
(v) එලෙස පළමු අදියරට අදාළව ලැබී ඇති දුක් ගැනවිලිවලට විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට, සියලුම උපදෙස් හා උපායමාර්ග තීරණය කර විසඳීමේ ක්‍රියාවලිය සඳහා කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම ද ආරම්භ කර ඇත. තවද, නැවත තොරතුරු සනාථ කරන අවස්ථාවේදී (Recertifiction) දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇති පුද්ගලයින්හට තොරතුරු යාවත්කාලීන කිරීමට අවස්ථාව ලබා දෙන අතර, එහිදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසු සාමාජිකයින්හට එම අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ආ) (i) 2022.10.20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් / පවුල් තෝරා ගැනීමේ ක්‍රමවේදය සඳහා මානයන් 06ක් යොදා ගනු ලබන අතර, එම එක් එක් මානය ඊට විශේෂිත දර්ශක යොදාගෙන මනිනු ලැබේ.
පොදු මානයන් සහ දර්ශකයන්
මානයන් දර්ශක
1. අධ්‍යාපනය i. පවුලේ සාමාජිකයින්ගේ අධ්‍යාපන මට්ටම
ii. වයස අවුරුදු 5-16 අතර පාසල් නොයන ළමුන් සංඛ්‍යාව
2. සෞඛ්‍යය i. දිගුකාලීන නිදන්ගත රෝගවලින් පෙළෙන පවුලේ සාමාජිකයින්
ii. ආබාධ සහිත පවුලේ සාමාජිකයින්
3. ආර්ථික මට්ටම i. මාසික ඒකපුද්ගල වියදම
ii. මාසික ඒකපුද්ගල ආදායම
iii. මසකට ඒකක 60ට වඩා අඩු විදුලි පරිභෝජනය
4. වත්කම් i. වාසය කරන නිවාස හා ඉඩම පවුලේ සාමාජිකයෙකුට හිමි වී නොතිබීම
ii. පවුලේ සාමාජිකයෙකුට වෙනත් නිවසක හෝ ගොඩනැගිල්ලක අයිතියක් තිබීම
iii. පවුලට අවම වශයෙන් අක්කර 0.5ක වගා කළ හැකි ගොඩ ඉඩමක් නොතිබීම
iv. පවුලට අවම වශයෙන් අක්කර 1ක වගා කළ හැකි කුඹුරු ඉඩමක් නොතිබීම
v. ගමනාගමනයට අදාළ එක් වත්කමක්වත් නොතිබීම (මෝටර් සයිකල් cc 125, ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක්, වෑන් රථයක්, ජීප් රථයක්, බසයක්, ලොරි රථයක්, ටිපර් රථයක්, අත් ට්‍රැක්ටරයක් (රෝද 2), ට්‍රැක්ටරයක් (රෝද 4)
vi. අවම වශයෙන් ආර්ථික ක්‍රියාකාර කමකට අදාළ එක වත්කමක්වත් නොතිබීම (ධීවර බෝට්ටු, ඒකාබද්ධ අස්වැන්න නෙළීමේ යන්ත්‍ර, කොළ මඩින යන්ත්‍ර)
vii. අවම වශයෙන් ජීවනෝපායට අදාළ එක් වත්කමක්වත් නොතිබීම (කිරි ගවයින් 05, එළුවන් 20, කුකුළන් 50, තාරාවන් 50, ඌරන් 10)
5. නිවාස තත්ත්වය i. ලැයින් කාමර / පේළි නිවාස / මුඩුක්කු / මඩුවල ජීවත් වීම හෝ වෙනත්
ii. ජීවත් වීමට ස්ථීර බිත්ති, ස්ථීර ගෙබිම හා ස්ථීර වහල සහිත නිවාසයක් නොමැති වීම
iii. සම්පූර්ණ බිම් ප්‍රදේශය වර්ග අඩි 500ට අඩු වීම
iv. පානීය ජලය ලබා ගැනීමේ හැකියාවක් නොමැති වීම
v. අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම
vi. විදුලි බලය නොමැති වීම
6. පවුලේ ජන විකාශනය
i. යැපීම් අනුපාතය (අවුරුදු 0-14 සිටින සංඛ්‍යාව හා අවුරුදු 65 හා ඊට වැඩි වයස ඇති අය / අවුරුදු 15-64 සිටින පුද්ගලයින් සංඛ්‍යාව) 0.64ට වඩා වැඩි වීම.
ii. මව හෝ පියා පමණක් සිටින පවුලක් වීම
මෙම නිර්ණායකයන් පිළිබඳව වැඩිදුර කරුණු අංක 2302/23 දරන 2022.10.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.
(ii) දිළිඳු බව තුරන් කිරීම සඳහා බහුවිධ සංවර්ධන ප්‍රවේශයක් අවශ්‍ය බව හඳුනාගෙන ඇත. එම වැඩ පිළිවෙළ තුළ සියලුදෙනා ඇතුළත් (inclusive) විය යුතුය. ඒ හරහා සමාජයේ අනිවාර්ය රැකවරණය ලැබිය යුතු සියලු කණ්ඩායම් වෙත ජීවන චක්‍රය මත පදනම් වූ (Life Cycle Approach) සමාජ ආරක්ෂණයක රැකවරණය ලබා දීමටත්, ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබලගන්වා හැකි ඉක්මනින් දිළිඳු බවින් මුදවා ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කිරීමටත් වඩාත් සුදුසු ක්‍රමවේදයක් සකස් කරමින් පවතී.
(iii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks