පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2702/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂුන්වහන්සේලා දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු කරන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වන විට පිරිවෙන්වල අධ්‍යාපනය ලබන එක් ගිහි හෝ පැවිදි ශිෂ්‍යයෙකු සඳහා වාර්ෂිකව ලබාදෙන ආධාර මුදල කොපමණද;
(ii) එම මුදල වර්තමාන ආර්ථික තත්ත්වය හා සැසදීමේදී ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(iii) එම මුදල වැඩි කිරීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, වැඩිකරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) දනිමි.
(ආ) (i) පැවිදි ශිෂ්‍යයෙක් සඳහා වාර්ෂිකව රු. 2500.00ක්ද, ගිහි ශිෂ්‍යයෙක් සඳහා වාර්ෂිකව රු. 500.00ක්ද ලබා දෙනු ලැබේ.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) ලබා දෙන මුදල හා එය ලබා දිය යුතු නව ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරමින් පවතියි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks