පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
668/2025
ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති තංගමුත්තු මහතා පසුගිය වර්ෂ තුන මුළුල්ලේ පුද්ගලයින් 170 දෙනකු රාජ්‍ය අංශය තුළ සේවයේ යොදවා ඇති බවත්,
(ii) එම සේවකයින්ට ඔවුන්ගේ මාස 36 ක සේවා කාලයෙන් මාස 5ක උපරිම කාලයක් සඳහා පමණක් මාසයකට රුපියල් 10,000කට වඩා අඩු මුදලක් බැගින් ගෙවන ලද බවත්;
(iii) එවැනි රැකියා නියුක්ති පිළිවෙත් මඟින් ශ්‍රී ලංකාවේ කම්කරු නීති උල්ලංඝණය කරනු ලැබ ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම සේවකයින් කුමන පදනමක් මත රාජ්‍ය අංශයට පත් කරන ලද්දේද;
(ii) මෙම සේවකයින්ගේ වත්මන් රැකියා නියුක්ති තත්ත්වය කෙබඳුද;
(iii) දැනට මාස දෙකකට වැඩි කාලයකට පෙර මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබියදී පවා වෛද්‍ය තංගමුත්තු මහතාට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-05
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ 2025.01.27 දිනැති ලිපිය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු ස්ථිර පත්වීම් ලද අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් නොවූ සේවකයන් සම්බන්ධ තොරතුරු ලබා ගන්නා ලද අවස්ථාවේදී යාපනය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා පදනම මත සේවය කරන සේවකයන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇත. මේ පිළිබඳව විමසීමේදී යාපනය ශික්ෂණ රෝහලේ ස්වේච්ඡාවෙන් මාස 03ක කාලයක් සේවය කිරීම සඳහා අදාළ පුද්ගලයන්ට 2021 වර්ෂයේ එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් අවස්ථාව ලබා දී ඇති බව වාර්තා විය.
මෙම කාල සීමාවේදී වෛද්‍ය සත්‍යමූර්ති තංගමුත්තු මහතා වෛද්‍ය වෘත්තිකයන් සඳහා වූ විදේශ පුහුණුවේ නියැළී සිට ඇත.
(ii) මෙම ස්වේච්ඡා සේවකයන් සේවා මුර ක්‍රමයක් යටතේ දිනකට පැය කිහිපයක් සඳහා සේවයට වාර්තා කර ඇති අතර, ඔවුන්ට ඍජු රෝගී සත්කාර සේවයෙන් පරිබාහිර කාර්යයන්වල නියුක්ත වන ලෙසට ද උපදෙස් ලබා දීම සිදු කරන ලදී.
(iii) මෙම සේවය නිශ්චිතව ස්වේච්ඡා සේවයක් වන බැවින් කම්කරු නීති උල්ලංඝනය වීමක් සිදු වී නොමැත.
(ආ) (i) මෙම සේවකයන් රාජ්‍ය අංශය සඳහා පත් කිරීමක් සිදු කර නොමැති අතර, ඔවුන් ස්වේච්ඡාවෙන් සේවයේ නිරත වන අතර එමඟින් පුහුණුවක් ලබා ගැනීමට අපේක්ෂා කර ඇත.
(ii) රෝහල තුළින් පුහුණවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණෙන ස්වේච්ඡා සේවක පිරිසක් පමණි.
(iii) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මඟින් පැමිණිලි විභාග කිරීම සිදු වන අතර, මෙම කරුණ සම්බන්ධයෙන් එවැනි පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks