පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
662/2025
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ ඉහළ තනතුරු දරන නිලධාරින් විශ්‍රාම ගන්වන අවස්ථාවේදී, ඔවුන්ට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම වර්ෂයේ සිට මේ දක්වා ලබාදී ඇති බලපත්‍ර සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බලපත්‍ර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන තනතුරු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් බලපත්‍ර මේ වනවිටත් ලබා දෙන්නේද;
(ii) නොඑසේ නම්, බලපත්‍ර ලබා දීම නවත්වන ලද වර්ෂය කවරේද;
(iii) එම බලපත්‍ර ලබා දීම නැවැත්වීමට හේතු කවරේද;
(iv) එම බලපත්‍ර ලබා දීම නැවත ආරම්භ කරනු ලබන දිනය කවරේද;
(v) එම බලපත්‍ර ලබා දීම නැවැත්වීම හේතුවෙන් බලපත්‍ර හිමි නොවූ විශ්‍රාමිකයන්ට එම බලපත්‍ර ලබා දෙන්නේද;
(vi) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-17
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2000 ජූනි මස 05වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99හි (I) වන සංශෝධනය.
(ii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 යටතේ නිකුත් කරන ලද බලපත්‍ර පිළිබඳ තොරතුරු 2015 වසර් සිට පරිගණකගත කර ඇති බැවින්, ඒ අනුව ඒ ඒ වසරේදී නිකුත් කරන ලද බලපත්‍ර ප්‍රමාණ පහත පරිදි වේ.
|
වර්ෂය |
බලපත්‍ර ප්‍රමාණය |
|
2015 |
167 |
|
2016 |
226 |
|
2017 |
260 |
|
2018 |
380 |
|
2019 |
490 |
|
2020 |
392 |
|
2021 |
342 |
|
2022 |
154 |
|
2023 |
385 |
|
2024 |
729 |
|
2025 |
563 |
(iii) 1999 ඔක්තෝබර් 08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99හි ඇතුළත් තනතුරු සහ එම චක්‍රලේඛයට කලින් කලට සිදු කරන ලද සංශෝධන මඟින් ඇතුළත් කරන ලද තනතුරු දරනු ලබන්නන් මෙම බලපත්‍රය සඳහා සුදුසුකම් ලබයි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 යටතේ සහනදායී මෝටර් රථ බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන තනතුරු කලින් කලට සංශෝධනය කරනු ලබයි. ඒ අනුව, එසේ සංශෝධනය කරන ලද චක්‍රලේඛ අංක සහ එම සංශෝධිත දින පහත පරිදි වේ.
|
01 |
22/99 - (V) - 2015.03.31 |
02 |
22/99 - (VII &VIII) - 2025.09.30 |
|
03 |
22/99 - (X) - 2007.08.08 |
04 |
22/99 - (XIII) - 2010.01.28 |
|
05 |
22/99 - (XVIII) - 2011.06.28 |
06 |
22/99 - (XIX) - 2011.10.12 |
|
07 |
22/99 - (XXI) - 2012.01.20 |
08 |
22/99 - (XXII) - 2012.01.20 |
|
09 |
22/99 - (XXIII) - 2012.02.21 |
10 |
22/99 - (XXIV) - 2012.03.19 |
|
11 |
22/99 - (XXV) - 2012.05.10 |
12 |
22/99 - (XXVI) - 2012.12.18 |
|
13 |
22/99 - (XXVIII) - 2013.03.12 |
14 |
22/99 - (XXX)) - 2014.11.17 |
|
15 |
22/99 - (XXXI) - 2015.10.14 |
16 |
22/99 - (XXXIV) - 2017.11.17 |
(ආ) (i) ඔව්.
(ii) ඉහත (i) අනුව අදාළ නොවේ.
(iii) ඉහත (i) අනුව අදාළ නොවේ.
(iv) ඉහත (i) අනුව අදාළ නොවේ.
(v) ඉහත (i) අනුව අදාළ නොවේ.
(vi) ඉහත (i) අනුව අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-02-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks