04

E   |     |  

 දිනය: 2013-04-24   පිළිතුර ලබා දී ඇත 

2699/2013: පාම් තෙල් ආනයනය: බදු ප්‍රතිශෝධනය

2699/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2005  සිට 2012 දක්වා කාල සීමාව තුළ  වාර්ෂිකව ආනයනය කරන ලද පාම් තෙල් ප‍්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       එම කාල සීමාව තුළ පාම් තෙල් කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බදු වෙනස් කිරීම් සිදුකළ ආකාරය කවරේද;

  (iii)  ආනයන බදු එසේ වෙනස් කිරීමට හේතු කවරේද;

  (iv)  මේ වන විට දේශීය වෙළඳපොලේ පාම් තෙල් හා පොල්තෙල් කිලෝවක සිල්ලර මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  පාම් තෙල් ආනයනයේදී ලිහිල් බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය පහත වැටී ඇති බවත්;

  (ii)  පොල්තෙල් නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් පොල් වගාකරුවන්ට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-04-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා

(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)

(The Hon. A.P. Jagath Pushpakumara)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      

වර්ෂය

ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)

2005

98,216 (අනූඅටදහස් දෙසිය දහසය)

2006

96,717 (අනූහයදහස් හත්සිය දාහත)

2007

57,245 (පනස්හත්දහස් දෙසිය හතළිස්පහ)

2008

73,561 (හැත්තෑතුන්දහස් පන්සිය හැටඑක)

2009

26,083 (විසිහයදහස් අසූතුන)

2010

53,519 (පනස්තුන්දහස් පන්සිය දහනවය)

2011

105,528 (එක්ලක්ෂ පන්දහස් පන්සිය විසිඅට)

2012

44,878 (හතළිස්හතරදහස් අටසිය හැත්තෑඅට)

(ii)

2007.11.24

10%

2007.12.31

28%

2008.04.09

5%

2008.07.09

15%

2008.11.30

28%

2008.12.03

රු. 40 (kg 1ක් සඳහා)

2009.04.07

රු. 60 (kg 1ක් සඳහා)

2010.03.18

රු. 35 (kg 1ක් සඳහා)

2010.11.01

15%

2011.11.04

20%

2012.01.13

රු. 75 (kg 1ක් සඳහා)

2012.05.12

රු. 90 (kg 1ක් සඳහා)

2012.11.09

රු. 110 (kg 1ක් සඳහා)

(iii)      පොල් වගාකරුට, පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට හා පාරිභෝගිකයාට සහන ලබා දීම පිණිස අවශ්‍යතාව අනුව වරින් වර ආනයන බදු වෙනස් කරයි.

 (iv)     පාම් තෙල් කිලෝවක මිල - රු. 245යි (රුපියල් දෙසිය හතලිස්පහ)

            පොල්තෙල් කිලෝවක මිල - රු. 270යි (රුපියල් දෙසිය හැත්තෑව)

(ආ)         (i)      පොල්තෙල් නිෂ්පාදනය දැනට පහත වැටී නොමැත.

              (ii) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.

(ඇ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.

 

 

 

පිළිතුරු දුන් දිනය

2013-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks