E   |     |  

 දිනය: 2025-07-22   පිළිතුර ලබා දී ඇත 

0621/2025: ගුවන් සේවා සපයන සමාගම්: ගෙවිය යුතු හිඟ මුදල්

----

අසන ලද දිනය

2025-07-22

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2025.05.31 දින වන විට ශ්‍රී ලංකාවට ගුවන් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතේ ලියාපදිංචි ගුවන් සමාගම් සංඛ්‍යාව පහත පරිදි වේ.

                        මගී/භාණ්ඩ මෙහෙයුම්     -  28

                        දේශීය ගුවන් සේවා    -  06

                        චාර්ටර් මෙහෙයුම්    -  03

              (ii)     

 

මගී මෙහෙයුම්

චාර්ටර් මෙහෙයුම්

දේශීය ගුවන් සේවා

1.    ඒරොෆ්ලොට් - රුසියා 

2.    එයාර් ඇරබියා 

3.    එයාර් ඇරබියා අබුඩාබි 

4.    එයාර් ඒෂියා බර්හාඩ් 

5.    එයාර් චයිනා 

6.    එයාර් ඉන්දියා 

7.    එයාර් සීෂෙල්ස් 

8.    කැතේ පැසිෆික් එයාර්වේස් 

9.    චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස්

10.  චොන්ග්කුව්න්ග් එයාර්ලයින්ස්

11. ඒඩල්වයිස් එයාර් 

12. එමිරේට්ස්

13. එතිහාඩ් එයාර්වේස්

14. ෆිට්ස් ඒවියේෂන් 

15.  ෆ්ලයිඩුබායි

16. ගල්ෆ් එයාර්

17. ඉන්ඩිගෝ ගුවන් සේවය

18. ජසීරා එයාර්වේස්

19.  ජේ එස් සී රෙඩ් වින්ග්ස්

20.  ජෙස්ටර් ඒසියා එයාර්වේස්

21.  මැලේසියා ගුවන් සේවය 

22.  කටාර් එයාර්වේස්

23.  සලාම් එයාර්

24.  සිංගප්පූරු ගුවන් සේවය

25.  ශ්‍රීලංකන් ගුවන් සේවය

26.  තායි එයාර් ඒෂියා

27.  තුර්කි ගුවන් සේවය

28.  තායි එයාර්වේස්

1.    අසූර් එයාර්         

2.    ඉරාන් එයාර් ටුවර්

3.    රෙඩ් වින්ග්ස්

1.    ෆිට්ස් එයාර්

2.    සැෆ්රන් ඒවියේෂන් (පුද්ගලික) සමාගම

3.    ලක්වින් ඒවියේෂන්  

4.    සෙනොක් ඒවියේෂන් (පුද්ගලික) සමාගම

5.    ඩීපී ඒවියේෂන් (පුද්ගලික) සමාගම

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රශ්නයේ ඉතිරි කොටස්වලට දීර්ඝ පිළිතුරු තිබෙන්නේ. එම නිසා පිළිතුරේ ඉතිරි කොටස මම සභාගත* කරනවා.

 

(iii) එක් එක් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ගෙවිය යුතු අපගමන බද්දේ 2025.05.31 පවතින බදු මුදල සහ එදිනට අදාළ වන පොලිය පහත පරිදි වේ.

 

(iv)           1.        ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

                           ·   2022 සිට, අපගමන බද්ද නොගෙවීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) ගුවන් සමාගම් සමඟ අඛණ්ඩව පසු විපරම් කරමින් සිටී. මෙය විද්‍යුත් තැපෑල, නිල ලිපි සහ රැස්වීම් හරහා සිදු කර ඇත.

                           ·   CAASL මෙම කාරණය රේඛීය අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයට නිරන්තරයෙන් දැනුම් දී ඇත.

· හිඟ මුදලින් කොටසක් අයකර ගැනීම සඳහා, පැහැර හරින ලද ගුවන් සමාගම් කිහිපයක් සඳහා පැවැති බැංකු ඇපකර මුදල් බවට පත් කර ඇත.

· අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුව, දින හතක් ඇතුළත හිඟ මුදල් පියවන ලෙස ඉල්ලා 2024 මැයි 20වන දින අදාළ ගුවන් සමාගම් වෙත අවසන් මතක් කිරීම් නිකුත් කරන ලදී. 

· අපගමන බද්ද අය කර ගැනීමට අධිකාරිය විසින් පරිපාලනමය වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත්තද අය විය යුතු මුදල අය කර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකාරියට ඇති බලය නිශ්චය කර ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය, ගරු නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලදී. සිවිල් ගුවන් සේවා අධිකාරි පනත අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන නොමැති බව ගරු නීතිපතිවරයා විසින් දන්වන ලදී. තවද, 2003 වර්ෂයේදී සංශෝධනය වන අවස්ථාවේ අදාළ ප්‍රතිපාදන ඉවත් කර ඇති බැවින් 2003 අංක 25 දරන මුදල් පනතෙහි ද ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන නොමැති බව වැඩිදුරටත් දන්වා ඇත.

ඒ අනුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සමඟ නැවත මූල්‍ය පනතට එම ප්‍රතිපාදන ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කර ඇත.

 

2. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම

· සමාගමේ ණය ප්‍රතිපත්තියට අනුව, ගුවන් සමාගම් විසින් ලබා ගන්නා ලද සේවාවන් සඳහා ගෙඩබෑම සහ වාහන නැවැත්වීම, ගුවන් පාලම් ගාස්තු, කුලී සහ උපයෝගීතා ආදිය සඳහා හිඟ මුදල් අයකර ගැනීමට සුරැකුම්පත් තිබේ.  තවද, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම විසින් රජයට අයත් ආයතනය සලකා බලා ගත් ප්‍රතිපත්තිමය තීරණයට අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් කිසිදු සුරැකුම්පතක් ලබාගෙන නොමැත. හිඟ මුදල් අයකර ගැනීම සඳහා පැහැර හරින ලද ගුවන් සමාගමට යාවත්කාලීන කරන ලද ගිණුම් ප්‍රකාශ සමඟ නිතිපතා මතක් කිරීම් යවා ඇත.

· ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා නියාමකයා වන සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ කාලානුරූපව වාර්තා සහ ලිපි හුවමාරු කර ඇති අතර, ඒ හරහා දිගු කාලීනව ලැබිය යුතු හිඟ මුදල් අයකර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.

· අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රධාන පැහැර හරින ලද ගුවන් සේවා හිඟ මුදල් කිහිපයක් නීති අංශයට යොමු කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks