පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2696/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2003 වර්ෂයේ සිට මේ දක්වා වාද්දුව, තල්පිටිය මාදැල් වරාය තුළ අබලන් වූ බත්තලක් නවතා ඇති බවත්;
(ii) එම බත්තල හේතුකොට ගෙන තල්පිටිය මාදැල් වරායේ ධීවර කටයුතුවලට බාධා පැමිණෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් බත්තලෙහි හිමිකරු කවුරුන්ද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) එම බත්තල තල්පිටිය මාදැල් වරායෙන් ඉවත් කොට එම වරායේ ධීවර කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு வைத்திய கலாநிதி ராஜித சேனாரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)
(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) (ii) ඔව්.
(ආ) ඉද්දමල්ගොඩ දිසානායකලාගේ ආරියවංස දිසානායක
(ඇ) ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුන්බුන් (අබලි) නෞකා සහ දිය යට සංස්කෘතික උරුමයන් දිගු කාලීන කළමනාකරණය පිළිබඳ අන්තර් අමාත්‍ය කමිටුව මඟින් මෙම බත්තල ඉවත් කිරීමට අනුමත කරන ලද අතර, මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks