01

E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0603/2025: මිනුවන්ගොඩ, ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීම: ප්‍රමාදය

603/2025

ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      මිනුවන්ගොඩ, ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)      එම පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල සහ මේ වනවිට වියදම් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍(iii) වියදම් කර නොමැති ඉතිරි මුදල, එම ව්‍යාපෘතියට අදාළ ගිණුමක තැන්පත් කර තිබේද;

(iv) එසේ නම්,  එම ගිණුමේ නම සහ ගිණුම් අංකය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත පිහිනුම් තටාකය ඉදිකරනු ලබන කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත් සමාගමේ නම කවරේද;

(ii) එම කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත් සමාගම තෝරා ගන්නා ලද පදනම කවරේද;

(iii) මේ වනවිට ඉදිකිරීම්වලින් අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;

(iv) ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා ගත වන කාලය කොපමණද;

(v) එම ඉදිකිරීම් ප්‍රමාද වීමට හේතුව කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         මෙම පිහිනුම් තටාකය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය නමින් නොමැති අතර එම ඉදිකිරීම් ව්‍යාපෘතිය මිනුවන්ගොඩ, රෙජී රණතුංග ආදර්ශ ප්‍රාථමික විදුහලේ පිහිනුම් තටාකය      නමින් 2012.06.13 දින ආරම්භ කර ඇත.

              (ii)       මෙම ව්‍යපෘති සඳහා මූලිකව ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 150ක් පමණ වේ. මේ වන විට වියදම් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 187.8ක් වේ.

     (iii) මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව බස්නාහිර පළාත් සභාටව අයත් අර්ධ රාජ්‍ය ආයතනයක් වන බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇති අතර එක් එක් වර්ෂවල සිදු කර ඇති වැඩ ප්‍රමාණයක් අනුව සකස් කර ඉදිරිපත් කර ඇති අදියර සඳහා ඇස්තමේන්තුවලට අදාළව නිදහස් කළ හැකි ප්‍රතිපාදන ඒ ඒ වර්ෂවලදී වෙන් කර දී ඇත. එබැවින් ව්‍යාපෘතිය සඳහා මුදල් ගිණුමක තැන්පත් කර තිබී නැත.

    (iv) ඉහත (iii)හි පරිදි වේ.

 

(ආ) (i) ඉහත පිහිනුම් තටාකය ඉදිකරනු ලබන කොන්ත්‍රාත්කරු වන්නේ බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වේ.

     (ii) බස්නාහිර පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පරිදි රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් වන බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වෙත කොන්ත්‍රාත්තුව  ඍජුව ප්‍රදානය කර ඇත.

     (iii) මේ වන විට මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ සියයට 70ක් පමණ අවසන් කර ඇත.

     (iv) ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා තවදුරටත් ගතවන කාලය මාස 12ක් පමණ වේ.

     (v) මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා 2012 වර්ෂයේදී ගන්නා ලද තීරණය අනුව පවරන ලද නමුත් ඊට පසු එළැඹෙන එක් එක් වසරවලදී එය සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා සාදන ලද ඉතිරි වැඩ ඇස්තමේන්තු සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන වෙන් කිරීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වෙන් වී නොතිබුණි. වාර්ෂික පළාත් අය වැය සඳහා යෝජනා ලෙස ඉදිරිපත් කළද, සෑම වර්ෂයකටම පාහේ ඉන් කොටසක් පමණක් අනුමත වීම සහ ඉන් ප්‍රමුඛතාව පුනරාවර්තන වැඩවල හිඟ ප්‍රතිපාදන වෙනුවෙන් වැය කර තිබීම මෙම ඉදිකිරීම් ප්‍රමාදවීමට හේතුවක් වී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks