01

E   |     |  

 දිනය: 2025-04-25   පිළිතුර ලබා දී ඇත 

0583/2025: ජාතික තරුණ සේවා සභාව: පුහුණු මධ්‍යස්ථාන

----

අසන ලද දිනය

2025-04-25

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පුහුණු මධ්‍යස්ථාන 59කි.

              (ii)      පුහුණු මධ්‍යස්ථාන 02කි.

             (iii)      පුහුණු මධ්‍යස්ථාන 01කි.

             (iv)      පුහුණු මධ්‍යස්ථාන 01කි.           

              (v)      දැනුවත් වී තිබේ.

             (vi)     

  • අකුරැස්ස පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලෙහි බිම් මහල වර්ග අඩි 12,000කින්ද, පළමු මහල වර්ග අඩි 11,000කින්ද, තෙවන මහල වර්ග අඩි 625කින්ද ලෙස මුළු ප්‍රමාණය වර්ග අඩි 29,225කින් සමන්විත තෙමහල් පුහුණු මධ්‍යස්ථානයකි. මේ වනවිට එහි ව්‍යුහාත්මක කොටස් අවසන් කර බිම් මහල සම්පූර්ණයෙන් වැඩ නිම කර, 2018 වර්ෂයේ සිට පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.
  • බිම් මහලෙහි පන්ති කාමර 05ක් පවතින අතර, වායුසමීකරණ, මැණික්, ස්වර්ණාභරණ හා පරිගණක පාඨමාලා 02ක් ඇතුළුව පාඨමාලා 04ක් ක්‍රියාත්මක වේ. එමෙන්ම කාර්යාලය, කුස්සිය, කෑම ශාලාව හා වැසිකිළි ආදී සියල්ල දැනට පරිහරණය කරමින් පවතී. මෙම ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කොටස් වන ආසන 600ක් සහිත ශාලාවක්, වේදිකාවක් හා පන්ති කාමර 06ක් වැඩ නිම කිරීමට ඇත.
  • මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් නොලැබීම නිසා වැඩ නිම කිරීමට නොහැකි වී ඇත. 2025 වර්ෂයේදී මේ සඳහා ඉල්ලීම කළ අතර, ලැබී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ලට අදාළව 2025 වසර තුළ මෙම ගොඩනැගිල්ලේ තුන්වන මහල සහ දෙවන මහල ප්‍රතිසංස්කරණය කර ගැනීමට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉල්ලීම් කිහිපයක් කර තිබෙනවා. නමුත් ප්‍රමාණවත් පරිදි මුදල් නොලැබීම හේතුවෙන් එහි ඉදිරි කටයුතු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. =

(vii) නැවත වරක් මේ සඳහා ප්‍රතිපාදන සොයා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. මෙහි උපයෝගීතාව සහ දිස්ත්‍රික්කයේ තරුණයන්ට තිබෙන අවශ්‍යතාව පදනම් කරගෙන අපි ඉදිරියේදී මෙහි සංවර්ධන කටයුතු කරන්න මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා.

(ආ) පැන නොනගී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks