පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
583/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජාතික තරුණ සේවා සභාව මඟින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) මාතර දිස්ත්‍රික්කය තුළ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iv) අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(v) එම මධ්‍යස්ථාන අතරින් ඉදිකිරීම් අතරමඟ නවතා දමා ඇති ගොඩනැගිල්ලක් ඇති මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් දැනුම්වත්වී තිබේද;
(vi) එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නවතා දැමීමට හේතු කවරේද;
(vii) එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර එය තරුණ ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට ඇති සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-25
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුහුණු මධ්‍යස්ථාන 59කි.
(ii) පුහුණු මධ්‍යස්ථාන 02කි.
(iii) පුහුණු මධ්‍යස්ථාන 01කි.
(iv) පුහුණු මධ්‍යස්ථාන 01කි.
(v) දැනුවත් වී තිබේ.
(vi)
(vii) නැවත වරක් මේ සඳහා ප්‍රතිපාදන සොයා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. මෙහි උපයෝගීතාව සහ දිස්ත්‍රික්කයේ තරුණයන්ට තිබෙන අවශ්‍යතාව පදනම් කරගෙන අපි ඉදිරියේදී මෙහි සංවර්ධන කටයුතු කරන්න මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා.
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2025-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks