පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
571/2025
ගරු කිට්නන් සෙල්වරාජ් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය රජයන් විසින් පානීය ජල යෝජනා ක්‍රම ආරම්භ නොකිරීම හේතුවෙන් වතුකරයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නොලැබීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටින බවත්;
(ii) 1987 වර්ෂයේදී යුනිසෙෆ් ආයතනය විසින් වතු පානීය ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන ලද බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) යුනිසෙෆ් ආයතනය විසින් ආරම්භ කරන ලද වතු පානීය ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ආරම්භ කරන ලද දිස්ත්‍රික්ක සහ වතු කවරේද;
(iii) ඒවා මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(iv) එම එක් එක් යෝජනා ක්‍රමයේ වර්තමාන තත්ත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පසුගිය වර්ෂ පහ (05) තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ලද පානීය ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
(iii) හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පූනාගල, එල්.එල්.ජී. කැප්කඩේ නව නිවාස යෝජනා ක්‍රමයට අදාළ පානීය ජල යෝජනා ක්‍රමය සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;
(iv) එම පානීය ජල යෝජනා ක්‍රමයේ වර්තමාන තත්ත්වය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-20
අසන ලද්දේ
ගරු කිට්නන් සෙල්වරාජ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
වතුකරයේ ලයින් නිවාස සහ අනෙකුත් නිවාස බහුතරයක් ආවරණය වන පරිදි ස්වභාවික ජල මූලාශ්‍ර භාවිත කර පොදු ජල ව්‍යාපෘතියකින් හෝ තනි තනි වශයෙන් ජල පහසුකම් ලබා ගෙන ඇතත්, ආරක්ෂිත පිරිසිදු පානීය ජලය ලැබෙනුයේ දළ වශයෙන් සියයට 10ට වඩා අඩු ප්‍රමාණයකි.
(ii) ප්‍රජා යටිතල පහසුකම් අංශය මඟින් යුනිසෙෆ් ආයතනය ආරම්භ කරන ලද ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර නොමැත.
(ආ) ඉහත (අ) (ii)හි පිළිතුර අනුව, ප්‍රජා යටිතල පහසුකම් අංශය මඟින් යුනිසෙෆ් ආයතනය ආරම්භ කරන ලද ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර නොමැත.
එබැවින්, (ආ) (i), (ii), (iii) හා (iv) ප්‍රශ්න අදාළ නොවේ.
(ඇ) (i) පානීය ජල යෝජනා ක්‍රම 27කි. විස්තර ඇමුණුම 01හි** දක්වා ඇත.
(ii) රුපියල් 165,283,843.85කි.
|
වර්ෂය |
ව්‍යාපෘති ගණන |
වැය කරන ලද මුදල (රුපියල්) |
|
2020 |
ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත |
|
|
2021 |
24 |
40,918,157.02 |
|
2022 |
ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත |
|
|
2023 |
ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත |
|
|
2024 |
03 |
124,365,686.83 |
|
එකතුව |
27 |
165,283,843.85 |
(iii) පූනාගල එල්.එල්.ජී. කැප්කඩේ ජල යෝජනා ක්‍රමය සඳහා
වෙන් කරන ලද මුදල - රුපියල් 1,233,907.00
වැය කරන ලද මුදල - රුපියල් 9,785,366.15
වියදම් පිළිබඳ විස්තර: ඇමුණුම 02** අනුව සඳහන් කර ඇත.
වර්තමාන ප්‍රගතිය : සියයට සියයකි. (2020 සැප්තැම්බර් 20 දින ව්‍යාපෘතිය අවසන් කර ඇත.)
(iv) 2020 සැප්තැම්බර් මස 20 දින මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks