පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
562/2025
ගරු රෝහණ බංඩාර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම්, පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වෙත බදු පදනම මත ලබාදී තිබේද;
(iii) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iv) එම ඉඩම් බදු පදනම මත ලබා දීමෙන් 2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iii) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්, එම දෙපාර්තමේන්තුවේ සෘජු අයිතිය හා අධීක්ෂණය යටතේ ඵලදායි ආකාරයෙන් භාවිතා කිරීමට ගනු ලබනක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-15
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 5,739.85ක් වන අතර එම (අක්කර: 14,183 රූඩ්: 02 පර්: 38.92කි) ඉඩම් ප්‍රමාණය දිස්ත්‍රික්ක පදනමින් සකස් කරන ලද වාර්තාව ඇමුණුම ලෙස ඉදිරිපත් කර ඇත. එය දීර්ඝ ඇමුණුමක්. එම ඇමුණුම සභාගත* කරනවා.
(ii) ඔව්.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් උපරිම වසර 5ක් දක්වා 1747 අංක 8 දරන රජයේ සන්තක ඉඩම් පිළිබඳ ආඥාපනතේ 191(2) වගන්තිය මඟින් ලබා දී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වෙත බදු පදනම මත ලබා දී ඇත.
(iii) දැනට ඇති බදු වශයෙන් ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 520ක් පමණ වේ. එය සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් සියයට 10කි.
(iv) 2020 වර්ෂයේ සිට 2025.06.30 දක්වා ඉඩම් බදු දීම මඟින් ලබා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 882.56ක් වන අතර, එය වාර්ෂිකව පහත පරිදි වේ.
|
වර්ෂය |
ඉඩම් බදු ආදායම (රු.මි.) |
|
2020 |
121.55 |
|
2021 |
97.69 |
|
2022 |
161.54 |
|
2023 |
159.39 |
|
2024 |
219.68 |
|
2025.06.30 දක්වා |
122.71 |
|
එකතුව |
882.56 |
(ආ) (i) මේ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ගණනය කිරීමක් සිදු කර නොමැති අතර, එම ඉඩම් ප්‍රමාණය ගණනය කර ගැනීම සඳහා සවිස්තරාත්මක සැලැස්මක් සැකසීම අරඹා ඇත.
(ii) දුම්රිය දෙපාර්තමේන්තු සංවර්ධන කටයුතු සඳහා අත්‍යවශ්‍ය දුම්රිය රක්ෂිතවල පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන්, දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල (1969 අංක 07 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත) අනුව ක්‍රියා කරනු ලබන අතර, එම බලතල යටතේ ඉවත් නොවන්නේ නම් පිස්කල් නියෝග මඟින් ඉවත් කිරීමට පියවර ගනු ලැබේ. අනෙකුත් දුම්රිය රක්ෂිත ද අවශ්‍යතාව මත දෙපාර්තමේන්තුව වෙත නීත්‍යනුකූලව නතු කර ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
(iii) · ඉඩම් අංශය මඟින් උපරිම වර්ෂ 05ක් සඳහා බල පැවැත්වෙන පරිදි අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කර ඇති අංක MT/02/02/01/01/12 හා 2021.10.21 දිනැති චක්‍රලේඛයේ උපදෙස් ප්‍රකාරව කෙටිකාලීන බදු ලබා දීම සිදු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks