පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2683/’12
ගරු රවී කරුණානායක මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනය අවසන්වරට ක්‍රියාත්මක වූ දිනය කවරේද;
(ii) සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනයේ මේ දක්වා වූ ගිණුම් කවරේද;
(iii) ආයතනයේ වත්මන් තත්ත්වය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනයට අයත්ව තිබූ පර්චස් 212ක් විකිණීමට හේතුව කවරේද;
(ii) ඉහත කී ඉඩම විකුණනු ලැබුවේ කවර පුද්ගලයකුටද;
(iii) ඉහත කී ගනුදෙනුව නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර සිදුකරනු ලැබුවේද;
(iv) නොඑසේ නම්, ටෙන්ඩර් පටිපාටීන් අනුගමනය නොකිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) කාර්ය මණ්ඩලයට වන්දි ගෙවා තිබේද;
(ii) එසේ නම්, එක් එක් පුද්ගලයාට ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන්ට වන්දි ගෙවීම සිදු කරන ලද දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දයාශ්‍රිත තිසේරා මහතා (රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு தயாசிறித திசேரா - அரச வளங்கள், தொழில்முயற்சி அபிவிருத்தி அமைச்சர்)
(The Hon. Dayasritha Thissera - Minister of State Resources and Enterprise Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) සී/ස බී.සී.සී. ලංකා ආයතනය මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
(ii) 2012.03.31 දක්වා ගිණුම් පිළියෙළ කර විගණනය කර ඇත.
(iii) ආයතනයේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සිදු කරමින් පවතී.
(ආ) (i) ආයතනයේ මූල්‍ය අර්බුද විසඳීම සඳහා
(ii) දයා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම (2003 වර්ෂයේ දී පර්ක් ආයතනය හරහා අදාළ ගනුදෙනුව සිදු කර ඇත.)
(iii) ඔව්.
(iv) අදාළ නොවේ.
(ඇ) (i) ඔව්.
(ii) 2006.02.28 දින අනිවාර්ය වන්දි ගෙවීමේ ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වු 481 දෙනා හට ගෙවූ වන්දි මුදල් ඇමුණුම 01හි දැක්වේ.
2012.03.31 දින ස්වේච්ඡා වන්දි ගෙවීමේ ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වූ 41 දෙනා හට ගෙවූ වන්දි මුදල් ඇමුණුම 02හි දැක්වේ. ඇමුණුම් සභාගත* කරමි.
(iii) ඉහත (ii) පිළිතුර අදාළ වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks