01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0464/2025: Importation of Fish to Sri Lanka

464/2025

ගරු රවී කරුණානායක මහතා,—  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2021 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව මාළු ආනයනය කර තිබේද;

              (ii)       එසේ නම්, 2021 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී ආනයනය කරන ලද මාළු වර්ගය, ප්‍රමාණය, ඒවායෙහි වටිනාකම සහ ගෙන්වන ලද රට වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එසේ ආනයනය කරන ලද්දේ දේශීය පරිභෝජනය සඳහාද, නැතහොත් ප්‍රතිඅපනයනය සඳහාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එසේ ආනයනය කරන ලද්දේ දේශීය පරිභෝජනය සඳහා නම්, උපයන ලද තීරු බදුවල වටිනාකම කොපමණද;

(ii) ආනයනය කරන ලද්දේ ප්‍රතිඅපනයනය කිරීම සඳහා නම්, එකතු කළ අගය සහ උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

(iii) ආනයනය කරන ලද කරවල, හාල්මැස්සන් සහ උම්බලකඩ ප්‍රමාණය, වටිනාකම සහ ගෙන්වන ලද රටවල් කවරේද;

(iv) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද කරවල, හාල්මැස්සන් සහ උම්බලකඩ ප්‍රමාණය කොපමණද;

(v) ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය සහ එහි වටිනාකම කොපමණද;

(vi) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ටින් මාළු ප්‍රමාණය කොපමණද;

යන්නත් 2021 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-17

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks