පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
464/2025
ගරු රවී කරුණානායක මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2021 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව මාළු ආනයනය කර තිබේද;
(ii) එසේ නම්, 2021 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී ආනයනය කරන ලද මාළු වර්ගය, ප්‍රමාණය, ඒවායෙහි වටිනාකම සහ ගෙන්වන ලද රට වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එසේ ආනයනය කරන ලද්දේ දේශීය පරිභෝජනය සඳහාද, නැතහොත් ප්‍රතිඅපනයනය සඳහාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එසේ ආනයනය කරන ලද්දේ දේශීය පරිභෝජනය සඳහා නම්, උපයන ලද තීරු බදුවල වටිනාකම කොපමණද;
(ii) ආනයනය කරන ලද්දේ ප්‍රතිඅපනයනය කිරීම සඳහා නම්, එකතු කළ අගය සහ උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
(iii) ආනයනය කරන ලද කරවල, හාල්මැස්සන් සහ උම්බලකඩ ප්‍රමාණය, වටිනාකම සහ ගෙන්වන ලද රටවල් කවරේද;
(iv) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද කරවල, හාල්මැස්සන් සහ උම්බලකඩ ප්‍රමාණය කොපමණද;
(v) ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය සහ එහි වටිනාකම කොපමණද;
(vi) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ටින් මාළු ප්‍රමාණය කොපමණද;
යන්නත් 2021 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-17
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) දේශීය පරිභෝජනය සඳහා ගෙන්වන ලද මසුන් සම්බන්ධ තොරතුරු ඇතුළත් ලේඛනය ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කරමි.
(iii) දේශීය පරිභෝජනය සඳහා සහ ප්‍රතිඅපනයනය යන අවශ්‍යතා දෙකම සඳහා මසුන් ආනයනය සිදු කර ඇත.
(ආ) (i) පහත වගුවේ දැක්වේ.
|
2021.01.01 සිට 2025.10.27 දක්වා දේශීය, පරිභෝජනය සඳහා මාළු ආනයනයන්ගේ සාරාංශය |
|||||||
|
YEAR |
NET MASS (KG) |
CIF (RS) |
CID |
PAL |
SCL |
VAT |
SSL |
|
2021 |
9,887,745 |
3,202,051,697 |
8,584,479 |
5,722,992 |
884,179,763 |
6,104,905 |
- |
|
2022 |
3,572,674 |
1,719,500,265 |
9,567,655 |
6,378,441 |
444,181,583 |
10,651,800 |
725,602 |
|
2023 |
5,794,195 |
2,492,078,373 |
10,733,130 |
5,645,797 |
533,719,151 |
11,786,942 |
1,964,494 |
|
2024 |
11,651,757 |
5,092,106,661 |
16,454,034 |
7,682,750 |
841,383,584 |
20,634,115 |
2,865,861 |
|
2025 |
14,995,113 |
6,743,062,947 |
19,261,610 |
8,246,150 |
1,040,498,057 |
24,020,393 |
3,336,174 |
(ii) ඇමුණුම් 02 සහ 03 මඟින් දක්වා ඇත.
(මෙම තොරතුරු ශ්‍රී ලංකා රේගුව මඟින් ලබා ගත් අතර, 2025.09.30 සිට මේ දක්වා තොරතුරු ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.)
(iii) ඇමුණුම 04 මඟින් දක්වා ඇත.
(iv)
|
වර්ෂය |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
|
සමස්ත නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්) |
51,340 |
22,960 |
22,340 |
24,850 |
31,080 |
(v)
|
වර්ෂය |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
|
ආනයනික ටින් මාළු ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
8,758.1 |
3,431.0 |
7,904.4 |
4,476.0 |
601.1 |
|
වටිනාකම (රුපියල් මිලියන) |
4,891.0 |
2,671.9 |
6,172.6 |
3,317.8 |
1,019.0 |
(vi)
|
වර්ෂය |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
|
ටින් මාළු ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
9,251.37 |
5,827.82 |
11,802.62 |
12,305.39 |
18,325.80 |
(ඇ) අදාළ නොවේ.
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2026-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රත්න ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks