පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
457/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටුවා ඇති අන්තර් හුවමාරු සංඛ්‍යාව කොපමණද;
(ii) එම මාර්ගයේ ගැලණිගම අන්තර් හුවමාරුවේ සිට දොඩන්ගොඩ අන්තර් හුවමාරුව දක්වා ඇති දුර කොපමණද;
(iii) පැල්පොල අන්තර් හුවමාරුව ඉදිකිරීම සඳහා මේ වනවිට ඉඩම් අත්පත් කර ගෙන තිබේද;
(iv) එසේ නම්, එම ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි මුදල කොපමණද;
(v) පැල්පොල අන්තර් හුවමාරුව වෙනත් ස්ථානයක ඉදිකිරීමට අදහස් කර තිබේද;
(vi) එසේ නම්, ඊට හේතු කවරේද;
(vii) ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-20
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අන්තර් හුවමාරු සංඛ්‍යාව 21කි. (කොට්ටාව සිට මත්තල දක්වා)
(ii) කිලෝමීටර 21කි.
(iii) ඔව්.
ඉඩම් කැබැලි 115ක් අත්පත් කරගෙන ඇත.
(iv) · ඉහත ඉඩම් කැබැලි 115න් කැබැලි 45ක් සඳහා වන්දි මුදල් ගෙවා ඇති අතර ඉන් කැබැලි 14ක් සඳහා පොලී මුදල් ද ගෙවා ඇත.
· ඉඩම් අත්කර ගැනීමේ වියදම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් වෙත 2017.12.06 දින රුපියල් 91,500,000.00ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇත. ඉන් රුපියල් 91,125,842.04ක මුදලක් අත්කර ගැනීමේ වියදම් සඳහා දැනට වැය වී ඇත.
(v) පැල්පොල අන්තර් හුවමාරුව වෙනත් ස්ථානයක ඉදිකිරීමට අදහස් කර නොමැත.
· මිල්ලනිය - පැල්පොල මාර්ගය සහ පැල්පොල අන්තර් හුවමාරුව ඉදිකිරීමට යෝජනා වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත යෝජිත මිල්ලනිය කර්මාන්තපුරයට අධිවේගී මාර්ගයෙන් පිවිසුමක් ලබා ගැනීමේ අරමුණෙනි.
· එසේ වුවද, මිල්ලනිය කර්මාන්තපුරය පිහිටුවීමට යෝජනා වූ රබර් වගාව සහිත ඉඩම අත්පත් කර ගැනීමේදී අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණු බැවින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි මැදිහත් වීම මත සිදු කරන ලද මුදල් ප්‍රතිපාදන ලබා දීම සහ පැල්පොල අන්තර් හුවමාරුව ඉදිකිරීමට අදාළ කටයුතු අතරමඟ නවතා ඇත.
(vi) අදාළ නොවේ.
(vii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks