පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
455/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රයිගම්පුර කර්මාන්තපුරයේ කර්මාන්තකරුවන් සඳහා ඉඩම් ලබාදී තිබේද;
(ii) එසේ නම්, මේ වන විට ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම ලබා දී ඇති ඉඩම් අතරින් මේ වනවිට වැඩ ආරම්භ කර ඇති ඉඩම් ප්‍රමාණය සහ වැඩ ආරම්භ කර නොමැති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මේ දක්වා වැඩ ආරම්භ කර නොමැති ඉඩම්වල වැඩ ආරම්භ නොකිරීමට හේතු කවරේද;
(v) මේ දක්වා වැඩ ආරම්භ කර නොමැති ඉඩම් ලබා ගෙන ඇති ආයෝජකයන් විසින් ආයෝජනය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත කර්මාන්තපුරයේ ඉදිකර ඇති පරිපාලන ගොඩනැගිල්ලේ වර්තමාන තත්ත්වය කවරේද;
(ii) එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජයෙන් වියදම් කරන ලද මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-22
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) රයිගම කර්මාන්තපුරයේ මේ වන විට ආයෝජකයින් වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 16 රූඩ් 01 පර්චස් 20ක් වන අතර, ආයෝජනය සඳහා වෙන් කළ හැකි ඉතිරි ඉඩම් ප්‍රමාණය පර්චස් 140කි. ඉඩම් කොටස් ලබා දී ඇති ආයෝජකයින්‍ගේ ලැයිස්තුව පහත දැක්වේ.
(iii) රයිගම කර්මාන්තපුරයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙමින් පවතින බැවින් ආයෝජකයින් වෙත ලබා දී ඇති ඉඩම් කොටස්වල, වැඩ ආරම්භ කරන ලෙස දැනුම් දෙනු ලැබුවේ 2025.04.07වන දාය.
(iv) මෙම කර්මාන්තපුරය ආරම්භයේ සිටම විවිධ විරෝධතා පැවැති අතර, ඒ අනුව අනෙකුත් කර්මාන්තපුරවලට වඩා සුවිශේෂී තත්ත්වයක් මෙම කර්මාන්තපුරයේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී මුහුණ දීමට සිදු විය. 2019 නොවැම්බර් මාසයෙන් පසු මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නතර කළ අතර, ඉන්පසුව රට තුළ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය. නැවත මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2023 වසරේ දීය. මේ වන විට කර්මාන්තපුරයේ අභ්‍යන්තර මාර්ග සැකසීම, ජල සැපයුම හා විදුලි සැපයුම ලබා දීම සිදු කෙරෙමින් පවතී.
(v) ඔව්.
2025.04.07 වන දා සියලුම ආයෝජකයින් වෙත වැඩ ආරම්භ කරන ලෙස දැනුම් දුන් පසු, ඔවුන් විසින් මෙහි කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කර අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් ලබා ගත යුතු අනුමැතීන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ආ) (i) ආයෝජකයින් කිහිප දෙනෙකු මෙම පරිපාලන ගොඩනැඟිල්ලෙහි ඉඩකඩ ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත.
පරිපාලන ගොඩනැඟිල්ලේ අවට භූමියේ සංවර්ධන කටයුතු මේ වන විටත් සිදු කර ගෙන යන අතර, එහි සංවර්ධන කටයුතු නිම කර එම භූමියේ හා ගොඩනැඟිල්ලේ මුළු තක්සේරු වටිනාකම ලබා ගැනීමෙන් අනතුරුව එය සුදුසු ආයෝජකයෙකු වෙත ලබා දීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(ii) ඔව්. රුපියල් මිලියන 87.96කි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks