පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
438/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(ii) එම ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම අනුව අක්කරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ඉඩම් අතරින් දෙවන පාර්ශ්ව වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iv) එම ඉඩම් ලබා දී ඇති දෙවන පාර්ශ්වයේ නම, එම එක් එක් පාර්ශ්වයට ඉඩම් ලබාදී ඇති ග්‍රාම නිලධාරි වසම සහ ඉඩම් ලබා දී ඇති පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-22
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i) ගොඩ ඉඩම් - අක්කර 4099යි, රූඩ් 1යි, පර්චස් 21.50යි.
කුඹුරු ඉඩම් - අක්කර 35යි, රූඩ් 3යි, පර්චස් 12යි.
(ii) ලේඛනය අමුණා ඇත. (ඇමුණුම 01)
මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තිබෙනවා. අනු අංක යටතේ තොරතුරු සඳහන් කර තිබෙනවා.
(iii) නීතිමය බැඳීම් සඳහා (2016 සිට 2024 දක්වා) -අක්කර 15ක් වෙන් කර තිබෙනවා.
ව්‍යාපෘති සඳහා (ඇමුණුම් 03හි සඳහන් වර්ෂයන්හි දී) - අක්කර 10යි, රූඩ් 1යි, පර්චස් 32ක් වෙන් කරලා තිබෙනවා.
නිවාස අරමුණුවලට විකිණීම සඳහා (2016-2024 කාලය ඇතුළත) - අක්කර 47යි, පර්චස් 35යි.
ඔක්කොම අක්කර 72යි, රූඩ් 2යි, පර්චස් 27ක් වෙන් කරලා තිබෙනවා. මේ විස්තර ඇමුණුම අංක 03හි සඳහන් වෙලා තිබෙනවා.
(iv) ලේඛන අමුණා ඇත. (ඇමුණුම් 02, 03 හා 04) අනු අංක යටතේ ඒ විස්තර සඳහන් කර තිබෙනවා.
ඇමුණුම් 01,02,03 සහ 04 සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks